A A A A A

දේවදූතයන් සහ භූතයන්: [මායාකාරිය / මැජික්]


එළිදරව්ව 21:8
නුමුත් භය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නන්ටත් පිළිකුල්ව සිටින්නන්ටත් මිනීමරන්නන්ටත් වේශ්‍යාකම්කරන්නන්ටත් මායාකාරයන්ටත් රූපවඳින්නන්ටත් සියලු බොරුකාරයන්ටත් ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලෙහි තමුන්ගේ කොටස වන්නේය; එය දෙවෙනි මරණයයයි මට කීසේක.

එළිදරව්ව 18:23
පහනක එළිය ඔබ තුළ තවත් නොබැබළෙන්නේය; මනමාලයාගේවත් මනමාලීගේවත් හඬ ඔබ තුළ තවත් නොඇසෙන්නේය. මක්නිසාද ඔබේ වෙළෙන්දෝ පොළොවේ උත්තමයෝව සිටියෝය; ඔබේ මායමින්ද සියලු ජාතීහු රුවටුණෝය;

එළිදරව්ව 9:21
ඔවුන්ගේ මිනීමැරීම්ද මායම්ද වේශ්‍යාකමද සොරකම්ද ගැන ඔව්හු පසුතැවිලි නූණෝය.

එළිදරව්ව 22:15
පිටත සිටින්නෝ නම් බල්ලෝද මායම්කාරයෝද වේශ්‍යාකම්කරන්නෝද මිනීමරන්නෝද රූප වඳින්නෝද බොරුවකට ප්‍රියවන්නාවූ, එය කරන්නාවූ සියල්ලෝද වෙති.

නික්මයාම 7:11
ඵාරාවෝද ශාස්ත්‍රවන්තයන් සහ මන්ත්‍රකාරයන් කැඳවීය. එවිට මිසරයේ මායාකාරයෝවූ ඔව්හුද තමන්ගේ ඇස්බැන්දුම්වලින් එලෙසම කළෝය.

එසකියෙල්ගේ 13:18-21
[18] මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ප්‍රාණ දඩයම් කිරීමට අත්වල සියලු සන්ධිවලට වැසුම් මහන්නාවූ, සියලු ප්‍රමාණවල හිස් වැසුම් සාදන්නාවූ ස්ත්‍රීන්ට දුක්වේ! ඔබ සැම මාගේ සෙනඟගේ ප්‍රාණ නාස්තිකරමින්, ඔබ සැමගේ ම ප්‍රාණ ඉතුරුකරගන්ට ඔබ සැමට පුළුවන්වේද?[19] බොරු බස් අසන මාගේ සෙනඟට ඔබ සැම විසින් බොරුකීමෙන්, මරණය විඳින්ට සුදුසු නැති ප්‍රාණීන් මරමින්ද ජීවත්වීමට සුදුසු නැති ප්‍රාණීන් ජීවත්කරමින්ද ඔබ සැම යව අහුරුවලටත් රොටි කෑලිවලටත් මාගේ සෙනඟ අතරේ මා කෙලසුහුය.[20] එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, ප්‍රාණ ඉගිලීයන හැටියට ඔබ සැම එහි ඒවා දඩයම්කිරීමට පාවිච්චිකරන ඔබ සැමගේ වැසුම්වලට විරුද්ධව සිටිමි, මම ඒවා ඔබ සැමගේ හස්තවලින් ඉරාදමා, ප්‍රාණ ඉගිලීයන හැටියට ඔබ සැම දඩයම්කරන ඒ ප්‍රාණ නිදහස්කරන්නෙමි.[21] ඔබ සැමගේ වැසුම්ද මම ඉරාදමා, මාගේ සෙනඟ ඔබ සැමගේ අතින් මුදන්නෙමි, දඩයම් කිරීමට ඔවුන් තවත් ඔබ සැම අතට අසුවෙන්නේ නැත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.

යෙසායා 47:12
ඉතින් ඔබේ බාල වයසේ පටන් ඔබ විසින් වෙහෙස ඇතුව පුරුදුකළාවූ ඔබේ මන්ත්‍රද බොහෝවූ ඔබේ මායම්ද භාවිතාකරන්න; සමහරවිට ඔබට වාසි ලබාගත හැකිවන්නේය, සමහර විට ඔබ සතුරන්ට භය උපදවන්නෙහිය.

දානියෙල් 1:20
රජු විසින් ශාස්ත්‍රයත් නුවණත් සම්බන්ධ මොන කාරණයක් ඔවුන්ගෙන් විභාගකළත්, තමාගේ මුළු රාජ්‍යයෙහි සිටි සියලු මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් වඩා ඔවුන් දස ගුණයක් සමර්ථ බව ඔහුට පෙනී ගියේය.

දානියෙල් 2:2
එවිට රජුගේ ස්වප්න රජුට දන්වන පිණිස මන්ත්‍රකාරයන්ටත් අනවිනකාරයන්ටත් මායාකාරයන්ටත් කල්දිවරුන්ටත් අඬගසන්ට රජ අණකෙළේය. ඔව්හු ඇවිත් රජු ඉදිරියෙහි සිටියෝය.

නික්මයාම 8:18-19
[18] මායාකාරයෝද තමන්ගේ ඇස්බැන්දුම්වලින් කිනිතුල්ලන් උපදවන්ට වෑයම් කළෝය, නුමුත් නොහැකිවූවෝය. මනුෂ්‍යයන් හා මෘගයන් පිට කිනිතුල්ලෝ වූවෝය.[19] එවිට මායාකාරයෝ: මේක දෙවියන්වහන්සේගේ ඇඟිල්ලයයි ඵාරාවෝට කීවෝය. ස්වාමීන්වහන්සේ කියා තිබුණු ලෙස ඵාරාවෝගේ සිත දැඩිවිය, ඔහු ඔවුන්ට කන් නුදුන්නේය.

ද්විතීය නීති සංග්‍රහය 18:10
තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,

නික්මයාම 22:18
මායාකාරියෙකුට ජීවත්වන්ට ඉඩ නොහරින්න.

ලෙවී ව්‍යවස්ථාව 19:31
ආත්ම බන්ධනකාරයන් දෙසටවත් ශාස්ත්‍රකාරයන් දෙසටවත් නොහැරෙන්න; ඔවුන්ගෙන් අපවිත්‍ර නොවන පිණිස ඔවුන් සොයා නොයන්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.

ලෙවී ව්‍යවස්ථාව 20:27
ආත්ම බන්ධනකරුවූ නොහොත් ශාස්ත්‍රකාරවූ පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ සැබවින් මරනු ලැබිය යුතුය. ඔවුන් ගල්ගසනු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේයයි කීසේක.

1 රාජාවලියේ 21:6
ඔහුද: මම යෙස්‍රෙයෙලිය නාබොත්ට කථාකොට-ඔබේ මිදිවත්ත මට මිලේට දෙන්න; නැතහොත් ඔබ කැමති නම් මම ඒක වෙනුවට ඔබට මිදිවත්තක් දෙන්නෙමියි ඔහුට කීවෙමි. නුමුත් ඔහු මට උත්තරදෙමින්-මාගේ මිදිවත්ත ඔබට නොදෙන්නෙමියි කීවේයයි ඈට කීය.

ලෙවී ව්‍යවස්ථාව 19:26
ඔබ සැම ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න.

මීකා 5:12
මම ඔබේ අතින් මායම් සිඳදමන්නෙමි; පේනකියන්නෝ තවත් ඔබට නොසිටින්නෝය.

ලෙවී ව්‍යවස්ථාව 20:6
ආත්ම බන්ධනකාරයන් දෙසටත් ශාස්ත්‍රකාරයන් දෙසටත් හැරී ඔවුන් පස්සේ වේශ්‍යාකමට යන තැනැත්තාට විරුද්ධව මාගේ මුහුණ යොමුකොට ඔහුගේ සෙනඟ අතරෙන් ඔහු සිඳදමන්නෙමි.

මලාකි 3:5
තවද මම විනිශ්චය පිණිස ඔබ සැම ළඟට ඇවිත්, මන්ත්‍රකාරයන්ටද කාමමිථ්‍යාචාරිකයන්ටද බොරු දිවුරන්නන්ටද මට භය නොවී කුලී ගැන කුලීකාරයාටත් වැන්දඹුවටත් පියා නැත්තාටත් ප්‍රයෝග කරන්නන්ටද විදේශියාගේ යුක්තිය පෙරළන්නන්ටද විරුද්ධව ශීඝ්‍ර සාක්ෂිකාරයෙක් වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.

ද්විතීය නීති සංග්‍රහය 18:10-11
[10] තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,[11] මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.

2 රාජාවලියේ 23:24
තවද ස්වාමීන්වහන්සේ ගේ ගෘහයේදී පූජකවූ හිල්කියාට සම්බවුණ පොතේ ලියා තිබුණු ව්‍යවස්ථාවේ වචන ඉෂ්ටකරන පිණිස යොෂියා ආත්මබන්ධනකාරයන්ද අනවිනකාරයන්ද දේවතාරූපද පිළිමද යුදා දේශයෙහිත් යෙරුසලමෙහිත් දක්නාලද අනික් සියලු පිළිකුල්ද පහකරදැමුවේය.

යෙසායා 2:6
ඔබ යාකොබ්ගේ වංශය වන ඔබගේ සෙනඟ අත්හැරියසේක, මක්නිසාද ඔව්හු පෙරදිග සිරිත්වලින් පිරී පිලිස්තිවරුන් මෙන් පේනකියන්නෝව සිටිති, විදේශීන්ගේ පුත්‍රයන් සමඟ අතට අත ගසති.

ගලාති 5:20
රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;

යෙසායා 8:19
ඔව්හු කෙඳිරිගාන්නාවූ තොල් මතුරන්නාවූ ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරන්නැයි ඔබ සැමට කියන විට, සෙනඟක් විසින් ස්වකීය දෙවියන්වහන්සේගෙන් විභාගකරන්ට යුතු නොවේද? ජීවතුන් උදෙසා මළවුන්ගෙන් විචාරන්ට යුතුදැයි අසන්න.

ජෙරමියා 27:9
එබැවින්: ඔබ සැම බබිලෝනියේ රජුට සේවයකරන්නේ නැතැයි ඔබ සැමට කියන ඔබ සැමගේ අනාගතවක්තෘවරුන්ටද ඔබ සැමගේ පේනකියන්නන්ටද ඔබ සැමගේ ස්වප්නවලටද ඔබ සැමගේ මායම්කාරයන්ටද ඔබ සැමගේ මන්ත්‍රකාරයන්ටද ඇහුම්කන්නොදෙන්න.

ගණන් කථාව 23:23
සැබවින් යාකොබ්ට විරුද්ධව ශාස්ත්‍රකීමක්වත් ඉශ්‍රායෙල්ට විරුද්ධව පේනකීමක්වත් නැත. දැනුදු යාකොබ් සහ ඉශ්‍රායෙල් ගැන: දෙවියන්වහන්සේ කොපමණ දේ ඉෂ්ටකර තිබේද! කියා කියනු ලැබේ.

සෙකරියා 10:2
තෙරඵීම් රූප නිෂ්ඵල දේ කථාකළෝය, පේනකියන්නෝ බොරු දේ දුටුවෝය; නිරර්ථක ස්වප්න කියාදුන්නෝය, ඔව්හු නිෂ්ඵලයේ සනසති. එබැවින් ඔව්හු බැටළුවන් මෙන් ගමන්කරමින් එඬේරෙක් නැති නිසා දුකට පැමිණෙති.

යෙසායා 57:3
එහෙත් මායාකාරීගේ පුත්‍රයෙනි, පරදාරිකයාගෙත් වේශ්‍යාවගෙත් වංශය, මෙහි ළංවෙන්න.

නාහුම් 3:4
මෙසේ වෙන්නේ මන්ත්‍රකාරීවූ ඉතා ශෝභමාන වේශ්‍යාවීගේ වේශ්‍යාකම් රාශිය නිසාය; ඇගේ වේශ්‍යාකම්වලින් ඈ ජාතීන්ද ඇගේ මන්ත්‍රවලින් පවුල්ද විකුණන්නීය.

1 සාමුවෙල් 15:23
මක්නිසාද කැරළිකාරකම පේනකීමේ පාපයටත් මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහීමටත් සමානය. ඔබ ස්වාන්වහන්සේගේ වචනය පහකළ නිසා උන්වහන්සේත් ඔබ රජකමෙන් පහකළසේකැයි කීවේය.

ගීතාවලිය 58:5
මතුරන්නන් කොපමණ සමර්ථලෙස මැතුරුවත් ඌ ඔවුන්ගේ හඬට කන් නොදෙයි.

යෙසායා 47:13
ඔබේ බොහෝ මන්ත්‍රණවලින් ඔබ වෙහෙසවී සිටිනෙහිය. ඉතින් නක්ෂත්‍රකාරයෝද තාරකා බලන්නෝද අමාවක්වලදී කාරණා දන්වන්නෝද නැගිට, ඔබ පිටට පැමිණෙන දේවලින් ඔබ ගළවත්වා.

2 රාජාවලියේ 5:11
නුමුත් නාමන් කෝපව යන්ට ගියේය, හෙතෙම කියනුයේ: ඔහු පිටතට මා ළඟට ඇවිත් සිටගන, තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමය කියා යාච්ඤාකර, කුෂ්ඨය මත්තෙහි තමාගේ අත වනා රෝගියා සුවකරනවා ඇතැයි සිතුවෙමි.

නික්මයාම 15:25
ඔහු ස්වාමීන්වහන්සේ ට හඬ ගැසීය; ස්වාමීන්වහන්සේ ඔහුට ගහක් පෙන්වූසේක, ඔහු ඒක ජලයට හෙළූ කල ජලය මිහිරි විය. එහිදී උන්වහන්සේ ඔවුන්ට නියෝගයක්ද පනතක්ද දුන්සේක, එහිදී උන්වහන්සේ ඔවුන් පරීක්ෂාකොට:

වීරාවලිය 6:36
ගිඩියොන් දෙවියන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ කී ලෙස මා ලවා ඉශ්‍රායෙල් ගළවනසේක් නම්,

උත්පත්ති 44:5
මාගේ ස්වාමියා බොන්නෙත් ශාස්ත්‍ර කියන්නෙත් මේකෙන් නොවේද? ඔබ සැම කළේ නපුරු ක්‍රියාවකැයි කියන්නැයි කීවේය.

ක්‍රියා 8:9-24
[9] නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය.[10] මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය.[11] ඔවුන් විසින් ඔහු එසේ සලකනලද්දේ ඔහුගේ මායාවලින් බොහෝ කලක පටන් ඔවුන් විස්මිතකළ නිසාය.[12] නුමුත් ඔව්හු දෙවියන්වහන්සේගේ රාජ්‍යයද යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයද ගැන ශුභාරංචිය දේශනාකළාවූ පිලිප් විශ්වාසකොට, පුරුෂයෝද ස්ත්‍රීහුද බව්තීස්මකරනු ලැබුවෝය.[13] එකල සීමොන්ද විශ්වාසකොට, බව්තීස්ම කරනු ලැබ, පිලිප් සමඟ නිතර සිට, ඔහු කළ හාස්කම්ද මහත් ආශ්චර්යයන්ද දැක විස්මිතවූයේය.[14] සමාරියයන් දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් බව යෙරුසලමේ සිටියාවූ ප්‍රේරිතයෝ අසා, පේතෘස් සහ යොහන් ඔවුන් ළඟට යැවුවෝය.[15] ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මය ලැබෙන ලෙස ඔවුන් උදෙසා යාච්ඤාකළෝය.[16] මක්නිසාද ඔවුන් ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමයට බව්තීස්මකරනු ලැබුවා මිස, ශුද්ධාත්මය ඒ වන තුරු ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණී තිබුණේ නැත.[17] ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මය ලැබුණේය.[18] සීමොන්ද ප්‍රේරිතයන්ගේ අත් තැබීම කරණකොටගෙන ශුද්ධාත්මය ලැබෙන බව දැක, ඔවුන් වෙතට මුදල් ගෙනැවිත්:[19] යමෙකු පිට මම අත් තබම්ද, ඔහුට ශුද්ධාත්මය ලැබෙන පිණිස මේ බලය මටත් දෙන්නැයි කීවේය.[20] නුමුත් පේතෘස් ඔහුට කථාකොට: දෙවියන්වහන්සේගේ දීමනාව මුදලට ගන්ට ඔබ සිතූ බැවින් ඔබේ මිල ඔබ සමඟ විනාශවේවා.[21] මේ කාරණයෙහි කොටසක්වත් පංගුකාර කමක්වත් ඔබට නැත. මක්නිසාද දෙවියන්වහන්සේ ඉදිරියෙහි ඔබේ සිත හරි නැත.[22] ඒ නිසා ඔබේ සිතේ කල්පනාව ඔබට කමාකරනු ලැබේදෝ කියා බලන පිණිස, ඔබේ මේ දුෂ්ටකම ගැන පශ්චාත්තාපව, ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න.[23] මක්නිසාද ඔබ තික්තකමේ පිතේද අයුතුකම නැමති බැම්මේද සිටින බව මට පෙනේයයි කීවේය.[24] සීමොන් උත්තරදෙමින්: ඔබ සැම කීවාවූ දෙයින් කිසිවක් මා කරා නොපැමිණෙන පිණිස, මා උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්නැයි කීවේය.

ද්විතීය නීති සංග්‍රහය 18:9-14
[9] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයට ඔබ පැමිණි කල්හි ඒ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියාවල හැටියට කරන්ට ඉගෙන නොගන්න.[10] තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,[11] මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.[12] මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.[13] ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සම්පූර්ණව සිටින්න.[14] මක්නිසාද ඔබ පන්නාදමන්ට යන්නාවූ මේ ජාතීහු නිමිතිබලන්නන්ටත් පේනකියන්නන්ටත් ඇහුම්කන්දෙති. නුමුත් ඔබට ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ එසේ කරන්ට ඉඩදීලා නැත.

වීරාවලිය 17:2
ඔහු තමාගේ මවුට කථාකොට: ඔබෙන් ගන්නා ලද්දාවූ, ඔබ ශාපකර මා ඉදිරියෙහි මතක්කළාවූ රිදී එකොළොස් සියය මා ළඟ තිබේ; ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මවුද: මාගේ පුත්‍රයාට ස්වාමීන්වහන්සේ ගෙන් ආශීර්වාද වේවයි කීවාය.

යෙසායා 44:25
මම බොරුකාරයන්ගේ ලකුණු හිස්කරන්නාවූ, පේනකියන්නන් උමතු කරන්නාවූ, ශාස්ත්‍රවන්තයන් පස්සට හරවන්නාවූ, ඔවුන්ගේ දැනගැන්ම මෝඩකමට හරවන්නාවූ තැනන්වහන්සේය.

2 වංශාවලියේ 33:6
ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.

මීකා 3:7
දර්ශනකාරයන් ලජ්ජාවටත් පේනකියන්නන් වියවුල්කමටත් පැමිණ, දෙවියන්වහන්සේගෙන් උත්තරයක් නැති නිසා ඔවුන් සෑමදෙනාම තමුන්ගේ තොල් වසාගන්නවා ඇත.

යෙසායා 19:3
මිසරවරුන්ගේ ආත්මයද ඔවුන් තුළ හිස්වන්නේය; මම ඔවුන්ගේ මන්ත්‍රණය නිෂ්ඵලකරන්නෙමි. ඔවුන් පිළිමවලින්ද මතුරන්නන්ගෙන්ද ආත්මබන්ධනකාරයන්ගෙන්ද අණවිනකාරයන්ගෙන්ද විභාගකරනවා ඇත.

ක්‍රියා 19:18-19
[18] අදහාගත්තවුන්ගෙන් බොහෝ දෙනෙක්ද ඇවිත් තමුන්ගේ ක්‍රියාවන් ප්‍රකාශකරමින් ඒවා කියාදුන්නෝය.[19] යන්ත්‍ර මන්ත්‍ර අභ්‍යාසකළ බොහෝ දෙනෙක්ද තමුන්ගේ පොත් එක්කොට ගෙනැවිත් සියල්ලන් ඉදිරියෙහි පුළුස්සාදැමුවෝය. ඒවායේ මිල ගණන් බලා, රිදීමිල පනස් දහසක් බව දැනගත්තෝය.

ක්‍රියා 8:9
නුමුත් ඒ නුවර ප්‍රථමයෙන් මායා අභ්‍යාසකළාවූ, තමා උත්තමයෙකැයි ප්‍රකාශකරමින් සමාරිය වැසියන් විස්මිත කළාවූ සීමොන් නම් මනුෂ්‍යයෙක් සිටියේය.

ද්විතීය නීති සංග්‍රහය 18:10-12
[10] තමාගේ පුත්‍රයා හෝ දුව හෝ ගිනි මැදින් යවා පූජාකරන කෙනෙක්වත් පේනකියන්නෙක්වත් නිමිති බලන්නෙක්වත් ශාස්ත්‍ර කියන්නෙක්වත් මායාකාරයෙක්වත්,[11] මතුරන්නෙක්වත් ආත්ම බන්ධනකාරයෙක්වත් අනවිනකාරයෙක්වත් මළවුන්ගෙන් විචාරන්නෙක්වත් ඔබ අතරෙහි නොසිටීවා.[12] මක්නිසාද මේ දේ කරන කවරෙක් නුමුත් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. මේ පිළිකුල් නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ ඉදිරියෙන් ඔවුන් පන්නා දමනසේක.

ගලාති 5:19-21
[19] ඉදින් මාංසයේ ක්‍රියා ප්‍රකාශව තිබේ; එනම්, වේශ්‍යාකම, අපවිත්‍රකම, සල්ලාලකම;[20] රූප වැඳීම, මායාව, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, භේද, ලබ්ධි භේද;[21] වෛර, බීමත්කම, මංගල්‍ය ඝෝෂා සහ තවත් එවැනි දේවල්ය. මෙබඳු දේ කරන්නන්ට දෙවියන්වහන්සේගේ රාජ්‍යයෙහි උරුම නොලැබෙන බව මම ඔබ සැමට ප්‍රථම කී ලෙසම, දැනුත් කලින් ඔබ සැමට කියමි.

යෙසායා ৩:১৮-২০
[১৮] ඒ දවසේ ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පාවළලුවල අලංකාරයද ඉස් දැල්ල වන්ද්‍රලේකාභරණද;[১৯] කුණ්ඩලාභරණද අත්වළලුද මුවවස්නාද;[২০] මකුටද පාද දාමද ඉඟපටිද සුවඳ හෙප්පුද යන්ත්‍රද;

Sinhala Bible SROV
Ceylon Bible Society