A A A A A

天使与魔鬼: [恶魔]


1 ජොහන් 4:4
小 子 們 哪 ,你 們 是 屬 神 的 ,並 且 勝 了 他 們 ; 因 為 那 在 你 們 裡 面 的 ,比 那 在 世 界 上 的 更 大 。

1 තිමෝති 4:1
එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි ආත්මයාණන්වහන්සේ පැහැදිලිලෙස කියනසේක.

2 කොරින්ති 2:11
ක්‍රිස්තුස්වහන්සේ ඉදිරියෙහි ඔබ සැම උදෙසාය. මක්නිසාද ඔහුගේ උපායවල් අප විසින් නොදැන සිටිනවා නොවේ.

2 කොරින්ති 4:4
නොඇදහිලිකාරවූ ඔවුන් තුළ දෙවියන්වහන්සේගේ ස්වරූපයවූ ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචි ආලෝකය නොබැබළෙන පිණිස, මේ ලෝකයේ දෙවියා ඔවුන්ගේ සිත් අන්ධකළේය.

ජාකොබ් 2:19
ඇත්තේ එකම දෙවියන්වහන්සේ බව ඔබ විශ්වාසකරන්නෙහිය; ඔබ කරන එක හොඳය. යක්ෂයොත් විශ්වාසකර වෙවුලති.

ජෝබ් 4:15
එවිට ආත්මයක් මාගේ මුහුණ ඉදිරියෙන් ගියේය; මාගේ ඇඟේ මයිල්ද කෙලින් සිටියේය.

ශුද්ධවර මතෙව් 8:31
යක්ෂයෝද: ඔබ අප දුරුකරනසේක්නම්, ඌරු රැළට වැහෙන්ට අප හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.

ශුද්ධවර මතෙව් १२:४५
එවිට ඔහු ගොස් තමාට වඩා දුෂ්ටවූ වෙන ආත්මයන් සත්දෙනෙකු තමා කැටුව ගෙන එන්නේය, ඔව්හු ඇතුල්ව එහි වාසයකරති. එසේ ඒ මනුෂ්‍යයාගේ පළමු ස්වභාවට වඩා අන්තිම ස්වභාව නපුරුවන්නේය. මේ නපුරු පරම්පරාවටද එසේම වන්නේයයි කීසේක.

ශුද්ධවර ලූක් 8:30
ඔබේ නම කිමෙක්දැයි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූසේක. ඔහුට බොහෝ යක්ෂයන් ආවේශව සිටි නිසා, ඔහු: ලෙගියොන්යයි කීවේය.

එළිදරව්ව 20:10
ඔවුන් මුළාකළ යක්ෂයා වනාහි, මෘගයාද බොරු අනාගතවක්තෘද වසන, ගින්නෙන්ද ගෙන්දගමින්ද යුත් විලට හෙළනු ලැබුවේය; ඔව්හු සදාකාලේටම දිවා රෑ දෙක්හි වධකරනු ලබති.

1 කොරින්ති 10:20-21
[20] නුමුත් මිත්‍යාදෘෂ්ටීන් පූජාකරන දේ ඔවුන් පූජාකරන්නේ දෙවියන්වහන්සේට නොව යක්ෂයන්ටයයි කියමි. ඔබ සැම යක්ෂයන් සමඟ සහභාගිව සිටිනවාට නොකැමැත්තෙමි.[21] ඔබ සැමට ස්වාමීන්වහන්සේගේ කුසලානෙන්ද යක්ෂයන්ගේ කුසලානෙන්ද බොන්ට නුපුළුවන. ස්වාමීන්වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්ට ඔබ සැමට නුපුළුවන.

ගීතාවලිය 106:37-38
[37] එසේය, ඔව්හු තමුන්ගේ පුත්‍රයන්ද දූවරුන්ද යක්ෂයන්ට පූජාකළෝය, [38] ඔව්හු නිදොස් ලේ, එනම් කානාන්හි රූපවලට පූජාකරනු ලැබූ තමුන්ගේ පුත්‍රයන්ගෙත් දූවරුන්ගෙත් ලේ වැගිරෙවුවෝය; දේශයද ලෙයින් දූෂණය විය.

ජෝබ් 1:20-21
[20] එවිට යෝබ් නැඟිට, තමාගේ සළුව ඉරාගෙන, ඉස මුඩුකරගෙන, බිම වැටී වැඳ:[21] නග්නව මාගේ මවු කුසින් ආවෙමි, එසේම නග්නව හැරී යන්නෙමි. ස්වාමීන්වහන්සේ දුන්සේක, ස්වාමීන්වහන්සේ ගත්සේක; ස්වාමීන්වහන්සේ ගේ නාමයට ප්‍රශංසාවේවයි කීවේය.

එපීස 6:10-12
[10] ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.[11] යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.[12] මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.

යෙසායා 14:12-15
[12] දීප්තිමත් පහන් තාරකාව, අලුයම් පුත්‍රය, ඔබ ස්වර්ගයෙන් වැටුණු හැටි! ජාතීන් හෙළාදැමුවාවූ ඔබ බිමට සිඳ දමනු ලැබූ හැටි![13] ඔබ සිත තුළ සිතාගෙන: මම ස්වර්ගයට නැගී, මාගේ සිංහාසනය දෙවියන්වහන්සේගේ තාරකාවලට උඩින් තබා, උතුරේ ඉතා දුර සීමාවල තිබෙන රැස්වීමේ කන්ද පිට හිඳගන්නෙමි.[14] මම වලාකුල් මුදුන් පසුකොට ඉහළ නගින්නෙමි; මහෝත්තමයාණන්ට සමානවන්නෙමියි කීයෙහිය.[15] එහෙත් ඔබ පාතාලය නම් වළේ ගැඹුරටම බසිනවා ඇත.

ක්‍රියා 19:13-16
[13] නුමුත් තැනින් තැන සංචාරණය කරන යකදුරුවූ යුදෙව්වරුන්ගෙන් සමහරුත් නපුරු ආත්ම වැහී සිටි අයයින් කෙරෙහි ස්වාමිවූ යේසුස්වහන්සේගේ නාමය කියන්ට පටන්ගෙන: පාවුල් දේශනාකරන්නාවූ යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සැමට අණකරමියි කීවෝය.[14] ප්‍රධාන පූජකයෙක්වූ ස්කෙවා නම් යුදෙව්වෙකුගේ පුත්‍රයන් සත් දෙනෙක් මෙසේ කළෝය.[15] නුමුත් නපුරු ආත්මය උත්තරදෙමින්: යේසුස්වහන්සේ අඳුනමි, පාවුල්ද දනිමි; නුමුත් ඔබ සැම කවුරුදැයි ඔවුන්ට කීවේය.[16] නපුරු ආත්මය වැහී සිටි මනුෂ්‍යයා ඔවුන් පිටට පැනනැගී දෙදෙනාම දමනයකොට, ඔවුන් පරදවාදැම්මේය, මෙසේ ඔව්හු නිර්වස්ත්‍රව, තුවාලවී, ඒ ගෙයින් පලා ගියෝය.

2 පේදුරු 2:4-10
[4] මක්නිසාද දේවදූතයන් පව්කළ විට දෙවියන්වහන්සේ ඔවුන්ට දඬුවම් නොකර නෑර, විනිශ්චය පිණිස ඉතිරිකොට තැබීමට නිරයෙහි හෙළා අන්ධකාරයේ ගුහාවලට භාරදුන්සේක් නම්,[5] උන්වහන්සේ අභක්තීන්ගේ ලෝකය පිට ජලගැලීමක් පැමිණෙවු කල පුරාණ ලෝකය ඉතිරි නොකොට ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්වූ නෝවා තවත් සත්දෙනෙකුත් සමඟ ආරක්ෂාකළසේක් නම්,[6] සොදොම හා ගොමොරාව යන නුවරවල් අළුකරමින් ඒවා පෙරළා දමා විනාශයට නියමකොට, මතු අභක්තිකලෙස හැසිරෙන්නන්ට ඒවා ආදර්ශයක් කළසේක් නම්,[7] දුෂ්ටයන්ගේ සල්ලාල ජීවිතය කරණකොටගෙන තද පීඩාවට පැමිණියාවූද,[8] ඔවුන් අතරෙහි වසමින් ඔවුන්ගේ අයුතු ක්‍රියාවන් දවසින් දවස දැකීමෙනුත් ඇසීමෙනුත් තමාගේ ධර්මිෂ්ඨ ආත්මයට දැඩි දුක් පමුණුවාගත්තාවූද, ධර්මිෂ්ඨවූ ලොත් ගැළවූසේක් නම්,[9] භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ටත් අධර්මිෂ්ඨයන්, ප්‍රධානකොට කිලුටුකමේ තෘෂ්ණාවෙන් මාංසය අනුව හැසිරෙන්නාවූ, අධිපතිකමට අපහාසකරන්නාවූ අය,[10] දඬුවම යටතේ විනිශ්චය දවස දක්වා තබන්ටත් ස්වාමීන්වහන්සේ දන්නාසේක. භය නැත්තාවූ හිතුවක්කාරවූ මොව්හු උත්තමයන්ට නින්දාකරන්ට තැති නොගනිති.

එළිදරව්ව 9:1-7
[1] පස්වෙනි දේවදූතයාද හොරණෑව පිම්බේය, එවිට අහසෙන් තාරකාවක් පොළොවට වැටී තිබුණා දුටිමි. ඔහුට පාතාලයේ වළේ යතුර දෙනලද්දේය.[2] ඔහු පාතාලයේ වළ විවෘතකළේය; එවිට මහත් උදුනක දුම මෙන් දුමක් වෙළන් නැගී, ඉරත් අහසත් වළේ දුමෙන් අඳුරු විය.[3] ඒ දුමින් පළඟැටියෝ පොළොව පිටට නික්ම ආවෝය; පොළොවේ ගෝනුස්සන්ට බලය තිබෙන්නාක්මෙන් උන්ට බලය දෙනලද්දේය.[4] තවද දෙවියන්වහන්සේගේ මුද්‍රාව තමුන්ගේ නළල්වල නැති මිනිසුන්ට මිස පොළොවේ තණකොළවලටවත් කිසි අමු දෙයකටවත් කිසි ගහකටවත් අනතුරු නොකරන හැටියට උන්ට කියනලද්දේය.[5] උන්ට අවසර දුන්නේ මිනිසුන් මරණ පිණිස නොව ඔවුන් පස් මසක් වදකරනු ලබන පිණිසය. ඔවුන්ගේ වේදනාව මනුෂ්‍යයෙකුට ගෝනුස්සෙක් ඇන්න කල හටගන්න වේදනාව මෙන් වූයේය.[6] ඒ දවස්වලදී මනුෂ්‍යයෝ මරණය සොයන්නෝය, නුමුත් කිසිසේත් එය සම්බනොවන්නේය; මැරෙන්ට ආශාවන්නෝය, එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලායන්නේය.[7] පළඟැටියන්ගේ ආකාරය යුද්ධයට සැරසී සිටින අශ්වයන්ට සමානය; උන්ගේ හිස් පිට රන් වැනිවූ ඔටුනු තිබුණාක්මෙන් විය, උන්ගේ මුහුණු මනුෂ්‍යයන්ගේ මුහුණ වාගේය.

ශුද්ධවර මාක් 1:21-27
[21] ඔව්හු කපර්ණවුමට පැමිණියෝය; එකෙණෙහිම සබත් දවසේ උන්වහන්සේ සිනගෝගයට ඇතුල්වී ඉගැන්වූසේක.[22] උන්වහන්සේගේ ඉගැන්වීම ගැන ඔව්හු විස්මිතවූවෝය. මන්ද උන්වහන්සේ ලියන්නන් මෙන් නොව බලය ඇති කෙනෙකු මෙන් ඉගැන්වූසේක.[23] එකෙණෙහිම ඔවුන්ගේ සිනගෝගයේ අශුද්ධාත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිටියේය.[24] ඔහු මොරගසමින්: නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? අප විනාශ කරන්ට ආසේක්ද? ඔබවහන්සේ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීය.[25] යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකරව, මොහුගෙන් පිටවෙවයි කීසේක.[26] එවිට අශුද්ධාත්මය ඔහු තදින් වෙවුලවා, මහත් හඬින් මොරගසමින්, ඔහුගෙන් පිටවූයේය.[27] එකල ඔවුන්ගේ පුදුමය කෙතරම් වීදයත්, සියල්ලෝම: මේ කිමෙක්ද? අලුත් ඉගැන්වීමක්ය. මුන්වහන්සේ බලයෙන් යුක්තව අශුද්ධාත්මයන්ට පවා අණකරනසේක, ඔව්හු උන්වහන්සේට කීකරුවෙතියි ඔවුනොවුන් අතරේ කථාකරගත්තෝය.

ශුද්ධවර මතෙව් 7:14-20
[14] මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.[15] බොරු අනාගතවක්තෘවරුන්ගෙන් ප්‍රවේසම්වෙන්න. ඔව්හු බැටළු වේශයෙන් ඔබ සැම ළඟට එති, නුමුත් ඇතුළතින් ඔව්හු කෲරවූ වෘකයෝය.[16] ඔවුන්ගේ ඵලවලින් ඔබ සැම ඔවුන් ඇඳින ගන්නහුය. මනුෂ්‍යයෝ කටුගස්වලින් මුද්‍රික ඵලවත් ගොකටුවලින් අත්තික්කා ඵලවත් නෙළාගනිද්ද?[17] එසේම සියලු හොඳ ගස් හොඳ ඵල දරයි; නුමුත් නරක ගහ නරක ඵල දරයි.[18] හොඳ ගහක නරක ඵලවත් නරක ගහක හොඳ ඵලවත් හටගන්නට බැරිය.[19] හොඳ ඵල නොදරන සියලු ගස් කපනු ලැබ, ගින්නෙහි දමනු ලැබේ.[20] එබැවින් ඔවුන්ගේ ඵලවලින් ඔබ සැම ඔවුන් ඇඳිනගන්නහුය.

ශුද්ධවර ලූක් 4:31-41
[31] උන්වහන්සේ ගලීලයේ නුවරක්වූ කපර්ණවුමට පැමිණ, සබත් දවසේදී ඔවුන්ට උගන්වමින් සිටිසේක.[32] උන්වහන්සේගේ වචනය බලයෙන් යුක්තවූ බැවින් උන්වහන්සේගේ ඉගැන්වීමට ඔව්හු විස්මිතවූවෝය.[33] අශුද්ධ යක්ෂආත්මයක් ආවේශවූ මනුෂ්‍යයෙක් සිනගෝගයෙහි සිටියේය;[34] ඔහු මහත් හඬින් මොරගසමින්: අහෝ! නාසරිය යේසුස්වහන්ස, ඔබට අපෙන් කම මොකද? ඔබ අප විනාශකරන්ට ආසේක්ද? ඔබ කවුද කියා දනිමි, ඔබ දෙවියන්වහන්සේගේ ශුද්ධවූ තැනන්වහන්සේයයි කීවේය.[35] යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකර මොහුගෙන් පිටවෙවයි කීසේක. එවිට යක්ෂයා සමූහයා මැද ඔහු බිම හෙළා, ඔහුට හිංසාවක් නොකොට, ඔහුගෙන් පිටතට ආයේය.[36] සියල්ලෝ විස්මිතව: මේ වචනය කිමෙක්ද? මක්නිසාද උන්වහන්සේ බලයෙන්ද ආනුභාවයෙන්ද අශුද්ධාත්මයන්ට අණදෙනසේක, ඔව්හු පිටවෙතියි ඔවුනොවුන් අතරෙහි කථාකරගත්තෝය.[37] තවද වටකර පළාතේ සෑමතැන්හි උන්වහන්සේ ගැන ආරංචියක් පතළවිය.[38] උන්වහන්සේ සිනගෝගයෙන් නැගිට ගොස් සීමොන්ගේ ගෙදරට ඇතුල්වූසේක. සීමොන්ගේ භාර්යාවගේ මවුට බලවත් උණරෝගයක් වැළඳී තිබුණේය; ඔව්හු ඈ උදෙසා උන්වහන්සේට කන්නලව් කළෝය.[39] උන්වහන්සේ ඈ ළඟ සිට උණට සැරකළසේක; උණරෝගය ඇගෙන් පහවගියේය. එකෙණෙහිම ඈ නැගිට ඔවුන්ට උපස්ථානකළාය.[40] ඉර බසින කල අනේකාකාර රෝගවලින් පීඩිතවූ රෝගකාරයන් ඇති සියල්ලෝම උන්වහන්සේ වෙතට ඔවුන් ගෙනාවෝය; උන්වහන්සේ ඔවුන් එකිනෙකා පිට අත් තබා, ඔවුන් සුවපත් කළසේක.[41] යක්ෂයෝද: ඔබ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝය කියා මහත් ශබ්ද පවත්වමින්, බොහෝ දෙනෙකුගෙන් දුරුවුණෝය. උන්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි ඔවුන් දැනගන සිටි නිසා උන්වහන්සේ ඔවුන්ට සැරකරමින් කථාකරන්ට ඉඩ නුදුන්සේක.

එපීස 6:1-18
[1] දරුවෙනි, ඔබ සැමගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙන්න. මක්නිසාද එසේ කරන්ට යුතුය.[2] ඔබට වැඩසිද්ධවන පිණිසද ඔබ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද,[3] ඔබේ පියාටත් මවුටත් ගෞරවකරන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.[4] පියවරුනි, ඔබ සැමගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ හික්මවීමෙන්ද අවවාදයෙන්ද ඔවුන් ඇතිකරන්න.[5] දාසයෙනි, ක්‍රිස්තුස්වහන්සේට මෙන් මාංසාකාරයෙන් ඔබ සැමගේ ස්වාමිවරුන්ව සිටින්නන්ට භයෙනුත් වෙවුලුමෙනුත් ඔබ සැමගේ සිත්වල ඒකාන්තකමින් කීකරුවෙයන්න;[6] මනුෂ්‍යයන් සතුටුකරන්නන් මෙන් පෙනීමට වැඩ නොකොට, ක්‍රිස්තුස්වහන්සේගේ දාසයන් මෙන් සිතින් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්න.[7] දාසයෙක් වේවා, නිර්දාසයෙක් වේවා, එක් එක් අය කරන්නාවූ යම් යහපතක් ඇද්ද, ඊට ස්වාමීන්වහන්සේගෙන් නැවත විපාක ලැබෙන බව දැන,[8] මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් කැමැත්තෙන් මෙහෙකරන්න.[9] ස්වාමිවරුනි, ඔබ සැමගෙත් ඔවුන්ගෙත් ස්වාමීන්වහන්සේ ස්වර්ගයෙහි සිටින බවද උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන බවද දැන, තර්ජනකිරීමෙන් වැලකී, ඔවුන්ට එම දේවල් කරන්න.[10] ඉතින් ස්වාමීන්වහන්සේ තුළද උන්වහන්සේගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්වෙන්න.[11] යක්ෂයාගේ උපායවලට විරුද්ධව සිටින්ට ඔබ සැමට පුළුවන්වන පිණිස දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ පැළඳගන්න.[12] මක්නිසාද අපේ පොරබැදීම වනාහි මාංසයට සහ රුධිරයට විරුද්ධව නොව, අධිපතිකම්වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවය.[13] එබැවින් නපුරු දවසේදී විරුද්ධව සිටින්ටත් සියල්ල සම්පූර්ණකරගන ස්ථිරව සිටින්ටත් පුළුවන්වෙන පිණිස, දෙවියන්වහන්සේගේ සියලු යුද්ධායුධ අරගන්න.[14] එබැවින් ඔබ සැමගේ ඉඟටි සැබෑකම නැමති පටියෙන් බැඳගෙන, ධර්මිෂ්ඨකම නැමති ළයවැස්ම පැළඳගෙන,[15] සමාදානයේ ශුභාරංචියේ සූදානම නැමති වහන් පය ලා සිටින්න.[16] ඒ සියල්ල ඇර, ඇදහිල්ල නමැති පලිහ අරගන්න. එයින් නපුරාගේ සියලු ගිනිහෙල්ල නිවන්ට ඔබ සැමට පුළුවන්වන්නේය.[17] ගැළවීම නමැති ආරක්ෂාතොප්පියද දෙවියන්වහන්සේගේ වචනය නැමති ආත්මයාණන්වහන්සේගේ කඩුවද ගන්න.[18] සියලු යාච්ඤාවලින්ද ඉල්ලීම්වලින්ද සියලු කාලවලදී ආත්මයාණන් කරණකොටගෙන යාච්ඤාකරන්න.

Sinhala Bible SROV
Ceylon Bible Society