A A A A A

දේවදූතයන් සහ භූතයන්: [බෙල්සෙබුබ්]


ශුද්ධවර මතෙව් 12:24
නුමුත් පරිසිවරු ඒ අසා: මොහු යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙන මිස වෙන හැටියකින් යක්ෂයන් දුරු නොකෙරේයයි කීවෝය.

ශුද්ධවර මාක් 3:22
යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය.

ශුද්ධවර මතෙව් 10:25
ගෝලයා තමාගේ ගුරුවරයා මෙන්ද දාසයා තමාගේ ස්වාමියා මෙන්ද වුණොත් ඔවුන්ට ඇත. ඔව්හු ගෙයි ස්වාමියාට බෙල්ශෙබුබ්යයි කීවෝ නම් ඔහුගේ ගෙයි වැසියන්ට කොපමණ වැඩියෙන් නොකියත්ද?

ශුද්ධවර මතෙව් 12:27
තවද මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, ඔබ සැමගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන උන් දුරුකරද්ද? එබැවින් ඔව්හු ඔබ සැමගේ විනිශ්චයකාරයෝ වන්නෝය.

ශුද්ධවර ලූක් 11:15-19
[15] නුමුත් ඔවුන්ගෙන් සමහරෙක් කථාකොට: ඔහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතිවූ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි කීවෝය.[16] අන්සමහරු උන්වහන්සේ පරීක්ෂාකරමින්, අහසෙන් ලකුණක් උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.[17] නුමුත් උන්වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන ඔවුන්ට කියනසේක්: තමාටම විරුද්ධව භේදවූ යම් රාජ්‍යයක් ඇද්ද ඒක පාළුවන්නේය; ගෙදරකට භේදවූ ගෙදරක් වැටීයන්නේය;[18] ඉදින් සාතන් තමාටම විරුද්ධව භේදව සිටි නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද? මක්නිසාද මා යක්ෂයන් දුරුකරන්නේ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි ඔබ සැම කියන්නහුය.[19] නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, ඔබ සැමගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු ඔබ සැමගේ විනිශ්චයකාරයෝ වන්නෝය.

2 රාජාවලියේ 1:1-3
[1] ආහබ් මැරුණු පසු මෝවබ්වරු ඉශ්‍රායෙල්ට විරුද්ධව කැරළිගැසුවෝය.[2] තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ ගරාදි අතරෙන් වැටී රෝගාතුරවිය. ඔබ සැම ගොස් මම මේ රෝගයෙන් සුවවෙන්නෙම්දැයි එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්නැයි කියා ඔහු පණිවිඩකාරයන් ඇරියේය.[3] නුමුත් ස්වාමීන්වහන්සේ ගේ දූතයා තිෂ්බිය එලියාට කථාකොට: නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමගට ගොස්-ඔබ සැම එක්‍රෝන්හි දෙවිවූ බාල්සෙබූබ්ගෙන් විචාරන්ට යන්නේ ඉශ්‍රායෙල්හි දෙවිකෙනෙක් නැති නිසාද?

ශුද්ධවර ලූක් 11:18
ඉදින් සාතන් තමාටම විරුද්ධව භේදව සිටි නම් ඔහුගේ රාජ්‍යය පවතින්නේ කෙසේද? මක්නිසාද මා යක්ෂයන් දුරුකරන්නේ බෙල්සෙබුබ් කරණකොටගෙනයයි ඔබ සැම කියන්නහුය.

ශුද්ධවර මාක් 3:20-30
[20] ඔවුන්ට කෑම කන්ට පමණවත් අවකාශ නැතිවන තරමට සමූහයා නැවත රැස්වුණෝය.[21] උන්වහන්සේගේ නෑයෝ ඒ අසා, උන්වහන්සේට ඔල්මාදයයි කියා උන්වහන්සේ අල්ලන්ට ගියෝය.[22] යෙරුසලමෙන් ආවාවූ ලියන්නෝ: මොහුට බෙල්සෙබුබ් ඇත්තේය කියාත් යක්ෂාධිපතියාගේ බලයෙන් මොහු යක්ෂයන් දුරුකරයිය කියාත් කීවෝය.[23] එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද?[24] යම් රාජ්‍යයක් ඒකටම විරුද්ධව භේද වුණොත් ඒ රාජ්‍යය පවතින්ට නොහැකිය.[25] යම් ගෙයක් ඒකටම විරුද්ධව භේදවුණොත් ඒ ගෙය පවතින්ට නොහැකිවන්නේය.[26] සාතන් තමාටම විරුද්ධව නැගිට භේදවේ නම් ඔහු පවතින්ට නොහැකිව කෙළවරවයි.[27] නුමුත් බලවන්තයා පළමුකොට බැඳලා මිස ඔහුගේ ගෙට වැද ඔහුගේ බඩු කොල්ලකන්ට කාටවත් නුපුළුවන; බැඳලාම ඔහුගේ ගෙය කොල්ලකන්නේය.[28] සැබවක් ඔබ සැමට කියමි-මනුෂ්‍ය පුත්‍රයන්ට ඔවුන්ගේ සියලු පව්ද ඔවුන් දෙවියන්වහන්සේට කරන සියලු ආකාර අපහාසද කමාකරනු ලබන්නේය.[29] නුමුත් ශුද්ධාත්මයාණන්වහන්සේට අපහාස කරන කෙනෙකුට කොයි කලකවත් කමාව නොලැබෙන්නේය, ඔහු සදාකාලික පාපයක් ගැන වරදකාරයෙකැයි කීසේක.[30] මෙසේ කීවේ උන්වහන්සේට අශුද්ධාත්මයක් ඇත්තේයයි ඔවුන් කී බැවින්ය.

2 රාජාවලියේ 1:16
ඔහු කථාකොට: ඔබ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට පණිවිඩකාරයන් ඇරියේ දේව වාක්‍යයෙන් විචාරන්ට ඉශ්‍රායෙල්වරුන්ගේ දෙවිකෙනෙක් නැති නිසාද? එබැවින් ඔබ නැගී ඉන්න ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ඔහුට කීවේය.

උත්පත්ති 1:1
පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.

ශුද්ධවර මතෙව් 9:34
නුමුත් පරිසිවරු: මොහු යක්ෂයන් දුරුකරන්නේ යක්ෂාධිපතියා කරණකොටගෙනයයි කීවෝය.

එළිදරව්ව 21:20
පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදූර්යය; නවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගය; දොළොස්වෙනි එක අඹතෙස්ය.

ජෝබ් 2:11
යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.

2 රාජාවලියේ 1:6
ඔව්හු: මනුෂ්‍යයෙක් අපේ පෙරමගට ඇවිත්-ඔබ සැම එවූ රජු ළඟට හැරී ගොස්: ඔබ එක්‍රෝන්හි දෙවිවූ බාල්-සෙබූබ්ගෙන් විචාරන්ට අරින්නේ ඉශ්‍රායෙල්හි දෙවි කෙනෙක් නැති නිසාද? එබැවින් ඔබ ඉන්න ඇඳෙන් නොබැස සැබවින් මැරෙන්නෙහියයි ස්වාමීන්වහන්සේ වදාරනසේක කියා ඔහුට කියන්නැයි අපට කීවෝය.

ශුද්ධවර ජොහන් 1:1
පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.

ශුද්ධවර ලූක් 11:19
නුමුත් මම බෙල්සෙබුබ් කරණකොටගෙන යක්ෂයන් දුරුකරම් නම්, ඔබ සැමගේ පුත්‍රයෝ කවරෙකු කරණකොටගෙන ඔවුන් දුරුකරද්ද? එහෙයින් ඔව්හු ඔබ සැමගේ විනිශ්චයකාරයෝ වන්නෝය.

නික්මයාම 6:23
ආරොන් අම්මිනාදබ්ගේ දූවූ, නාෂොන්ගේ සහෝදරීවූ එලිෂෙබා භාර්යාවකොට පාවාගත්තේය; ඈ ඔහු නිසා නාදාබ්ද අබිහුද එලෙයාසර්ද ඊතාමර්ද බිහිකළාය.

ශුද්ධවර ලූක් 3:1
පොන්තියුස් පිලාත් යුදයේ ආණ්ඩුකාරයාවද, හෙරොද් ගලීලයට අධිපතියාවද, ඔහුගේ සහෝදරවූ පිලිප් ඉතුරයටත් ත්‍රකොනිතිස් නම්ලත් පළාතටත් අධිපතියාවද, ලූසානියස් අබිලේනියට අධිපතියාවද, අන්නස් සහ කායාඑස් උත්තම පූජකයෝවද සිටි කාලයෙහි,

උත්පත්ති 10:10
ඔහුගේ රාජ්‍යයේ පටන්ගැන්ම නම්: ෂිනාර් දේශයෙහි පිහිටි බාබෙල්, එරෙක්, අක්කද් සහ කල්නේය.

උත්පත්ති 14:1
ෂිනාර්හි රජවූ අම්රාඵෙල්ගේද එල්ලාසාර්හි රජවූ අරියොක්ගේද ඒලාම්හි රජවූ කෙදොර්-ලායොමෙර්ගේද ජාතීන්ගේ රජවූ තිදාල්ගේද දවස්වලදී,

ද්විතීය නීති සංග්‍රහය 14:5
ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.

රූත් 1:2
ඒ මනුෂ්‍යයාගේ නම එලීමෙලෙක්ය, ඔහුගේ භාර්යාවගේ නම නායොමිය, පුත්‍රයන් දෙදෙනාගේ නම් මාලොන් සහ කිලියොන්ය, ඔව්හු යුදයේ බෙත්-ලෙහෙමේ එප්‍රාත්වරුය. ඔව්හු මෝවබ් රටට පැමිණ එහි සිටියෝය.

නෙහෙමියා 1:1
හකලියාගේ පුත්‍රවූ නෙහෙමියාගේ කථාවස්තුවයි. විසිවෙනි අවුරුද්දේ කිස්ලෙව් මාසයේ ෂූෂන් මාලිගාවේ මා සිටි කල,

එස්තර් 1:1
තවද ඉන්දියාව පටන් කූෂ් දක්වා රටවල් එකසිය විසිහතක් කෙරෙහි රජකම්කළ අහෂ්වේරොෂ්ගේ දවස්වලදී මෙසේ සිද්ධවිය.

1 රාජාවලියේ 1:2
එබැවින් ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: රජ්ජුරුවන් ඉදිරියෙහි සිටීමටත් ඔබට සාත්තුකාරියක් වී අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට උණුහුම ලැබෙන පිණිස ඔබගේ ළයෙහි සැතපීමටත් සුදුසුවූ තරුණ කන්‍යාවක් අපේ ස්වාමිවූ රජ්ජුරුවන්ට සොයාදෙන්ට අපට අවසර ලැබේවයි කීවෝය.

එළිදරව්ව 16:16
ඔව්හු හෙබ්‍රෙව් භාෂාවෙන් හර්-මෙගදොන් කියන ස්ථානයට ඔවුන් රැස්කළෝය.

යෙසායා 34:14
වනයේ වල් මෘගයෝද වෘකයෝද සම්මුඛවන්නෝය, වල් එළුවා උගේ සමාගම්කාරයාට කෑගසන්නේය; එසේය, උලමාත් එහි ලැග නිශ්චල ඉඩමක් ලබාගන්නේය.

ශුද්ධවර මතෙව් 22:37
උන්වහන්සේ ඔහුට කථාකොට: ඔබේ මුළු හෘදයෙන්ද ඔබේ මුළු ආත්මයෙන්ද ඔබේ මුළු බුද්ධියෙන්ද ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරව.

ශුද්ධවර මාක් 3:1-6
[1] උන්වහන්සේ නැවත සිනගෝගයට ඇතුල්වූසේක; වියළුණු අතක් ඇති මනුෂ්‍යයෙක් එහි සිටියේය.[2] එවිට ඔව්හු උන්වහන්සේට වරදතබන පිණිස උන්වහන්සේ සබත් දවසේදී ඔහු සුවකරනසේක්දෝ කියා බල බලා සිටියෝය.[3] උන්වහන්සේ: නැගිට ඉදිරියට එන්නැයි වියළුණු අත ඇති මනුෂ්‍යයාට කියා,[4] ඔවුන්ට කථාකොට-සබත් දවසේදී සුදුසුවන්නේ යහපත කිරීමද නොහොත් නපුර කිරීමද? ප්‍රාණයක් ගැළවීමද නොහොත් නාස්තිකිරීමදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නුමුත් ඔව්හු කථා නොකර සිටියෝය.[5] උන්වහන්සේ ඔවුන්ගේ සිත් දැඩිකම නිසා දුක්වී, උදහසින් ඔවුන් වටකර බලා: ඔබේ අත දිගුකරන්නැයි ඒ මනුෂ්‍යයාට කීසේක. ඔහු එය දිගුකෙළේය. එවිට ඔහුගේ අත සුවවිය.[6] පරිසිවරු පිටත්ව ගොස් උන්වහන්සේ නසන්නේ කෙසේද කියා උන්වහන්සේට විරුද්ධව හෙරොදිවරුන් සමඟ එකෙණෙහිම මන්ත්‍රණයකළෝය.

ශුද්ධවර මාක් 10:46-52
[46] ඔව්හු යෙරිකෝවට පැමිණියෝය. උන්වහන්සේ තමන් ගෝලයන් හා මහත් සමූහයක් සමඟ යෙරිකෝවෙන් පිටත්ව යන කල තිමේයුස්ගේ පුත්‍රවූ බර්තිමේයුස් නම් අන්ධවූ හිඟන්නෙක් පාර අයිනේ ඉඳගන උන්නේය.[47] ඒ නාසරිය යේසුස්වහන්සේ බව ඔහු අසා: දාවිත්ගේ පුත්‍රවූ යේසුස්වහන්ස, මට කරුණාකළ මැනවයි මොරගසන්ට පටන්ගත්තේය.[48] එවිට ඔහු නිශ්ශබ්ද වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට සැරකළෝය. නුමුත් ඔහු: දාවිත්ගේ පුත්‍රය, මට කරුණා කළ මැනවයි වඩ වඩා මොරගැසුවේය.[49] යේසුස්වහන්සේ නැවතී සිට: ඔහුට අඬගසන්නැයි කීසේක. ඔව්හු අන්ධයාට අඬගසා: ධෛර්යවත්වෙන්න. නැගිටින්න, උන්වහන්සේ ඔබට අඬගසනසේකැයි කීවෝය.[50] ඔහු තමාගේ සළුව ඉවත දමා, පැනනැගී යේසුස්වහන්සේ ළඟට ආයේය.[51] යේසුස්වහන්සේ ඔහුට කථාකොට: මා විසින් ඔබට මක්කරනවාට ඔබ කැමතිදැයි ඔහුගෙන් ඇසූසේක. රබ්බෝනි, පෙනීම ලබාගන්ටයයි අන්ධයා උන්වහන්සේට කීයේය.[52] යේසුස්වහන්සේද: යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුවකළේයයි ඔහුට කීසේක. එවේලේම ඔහු පෙනීම ලැබ, මාර්ගයෙහි උන්වහන්සේ අනුව ගියේය.

දානියෙල් 1:7
නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය; ඔහු දානියෙල්ට බේල්ටෙෂශර්ද හනනියාට ෂද්‍රක්ද මීෂායෙල්ට මේෂක්ද අසරියාට අබේද්-නෙගෝද යන නම් තැබුවේය.

වීරාවලිය 4:6
ඈ කෙදෙශ්නප්තලීයෙන් අබිනොවම්ගේ පුත්‍රවූ බාරාක් අඬගස්වාගන ඔහුට කථාකොට: ඔබ ගොස් නප්තලී පුත්‍රයන්ගෙනුත් සාබුලොන් පුත්‍රයන්ගෙනුත් මනුෂ්‍යයන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න කියාත්,

2 රාජාවලියේ 19:37
තවද ඔහු තමාගේ දෙවිවූ නිස්රොක්ගේ ගෘහයෙහි නමස්කාරකරද්දී ඔහුගේ පුත්‍රයෝ වන අද්‍රම්මෙලෙක්ද ෂරෙශෙර්ද ඔහු කඩුවෙන් මරා, අරාරාත් දේශයට පලාගියෝය. ඔහුගේ පුත්‍රවූ ඒසර්-හද්දොන් ඔහු වෙනුවට රජ වුණේය.

එසකියෙල්ගේ 23:4
ඔවුන්ගේ නාම වනාහි වැඩිමහල් තැනැත්තීවූ ඔහොලා සහ ඇගේ සහෝදරීවූ ඔහොලීබාය. ඔව්හු මා සන්තකවී පුත්‍රයන්ද දූවරුන්ද බිහිකළෝය. ඔවුන්ගේ නම් මෙසේය: සමාරිය වනාහි ඔහොලාය, යෙරුසලම ඔහොලීබාය.

ජෙරමියා 1:1
බෙන්යමින් රටේ අනාතෝත්හි විසූ පූජකයන්ගෙන් එක්කෙනෙක්වූ හිල්කියාගේ පුත්‍රවූ යෙරෙමියාගේ වචනයි.

උත්පත්ති 10:22
ෂෙම්ගේ පුත්‍රයෝ නම්: ඒලාම්, අෂුර්, අර්පක්ෂද්, ලුද් සහ අරාම්ය.

එස්රා 4:7
තවද අර්තක්ෂස්තාගේ දවස්වලදී බිෂ්ලාම්ද මිත්‍රෙදාත්ද මාබෙයෙල්ද ඔහුගේ අනික් සහකාරයෝද පාර්සියාවේ රජවූ අර්තක්ෂස්තාට ලියුමක් ලියා ඇරියෝය; ඒ ලියුම අරාම් අකුරුවලින්ද අරාම් භාෂාවෙන්ද ලියනලද්දේය.

ශුද්ධවර මතෙව් 10:3
පිලිප් සහ බර්තොලොමෙව්ය; තෝමස් සහ සුංගම් අයකරන්නා වන මතෙව්ය; අල්පෙවුස්ගේ පුත්‍රවූ යාකොබ් සහ තද්දියස්ය;

ක්‍රියා 2:9
පාර්තිවරුද මේදවරුද ඒලාම්වරුද මෙසොපොතාමියෙහිත් යුදය සහ කපදෝකියෙහිත් පොන්තසය සහ ආසියාවෙහිත්,

ලෙවී ව්‍යවස්ථාව 11:5
බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ ඔබ සැමට අපවිත්‍රය.

ධර්මදේශකයා 1:1
දාවිත්ගේ පුත්‍රවූ යෙරුසලමේ රජවූ දේශනාකාරයාගේ වචනයි.

නික්මයාම 30:34
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: සුගන්ධ ද්‍රව්‍ය එනම් නාතාප් සහ ෂෙධෙලෙත්ද ඛෙල්බෙනාද යන සුගන්ධ ද්‍රව්‍ය සහ පවිත්‍ර තුවරලාද එකිනෙක සමබරට ගෙන,

ජෝබ් 9:9
උන්වහන්සේ මහවලසාද මුවසිරසද හත්දින්නද දක්ෂිණ නිවාසද සාදනසේක.

ක්‍රියා 6:5
ඒ කීම මුළු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන,

එළිදරව්ව 1:11
එවිට: ඔබ දකින දේ පොතක ලියා, එපීස, ස්මර්ණ, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලෙදල්පියා, ලවොදික යන මේ සභා හතට අරින්නැයි කියන්නාවූ හොරණෑවක මෙන් මහත් ශබ්දයක් මා පස්සෙන් ඇසීමි.

1 රාජාවලියේ 8:13
මම ඔබට නිවාස ගෘහයක්ද සදාකාලේටම ඔබට වැඩ සිටීමට ස්ථානයක්ද සැබවින්ම ගොඩනැගීමියි කීවේය.

ශුද්ධවර මාක් 3:23
එවිට උන්වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා උපමාවලින් කථාකරමින්: සාතන් දුරුකරන්ට සාතන්ට පුළුවන් කොහොමද?

ජෝෂු 24:15
ස්වාමීන්වහන්සේ ට සේවයකිරීම ඔබ සැමට නරකව පෙනේනම්, ගඟ එගොඩ සිටිය ඔබ සැමගේ පියවරුන් සේවයකළ දෙවිවරුන් හෝ ඔබ සැම වාසයකරන දේශයෙහි සිටිය අමෝරිවරුන්ගේ දෙවිවරුන් හෝ ඔබ සැම සේවයකරන්ට කැමති කාටද කියා අදම තෝරාගන්න. එහෙත් අපි නම්-මමද මාගේ පවුලද- ස්වාමීන්වහන්සේ ට සේවයකරමුයයි කීවේය.

Sinhala Bible SROV
Ceylon Bible Society