කොලොස්සි ٣:٢٣ |
ඔබ සැමට ඔබ සැමගේ විපාකයවූ උරුමය ස්වාමීන්වහන්සේගෙන් ලැබෙන බව දැන, |
|
එපීස ٤:٢٨ |
සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා. |
|
ශුද්ධවර ජොහන් ٦:٢٧ |
නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා ඔබ සැමට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක. |
|
ගලාති ٦:٤-٥ |
[٤] නුමුත් එකිනෙකා තම තමාගේ වැඩය සෝදිසිකෙරේවා, එවිට ඔහුට වෙන කෙනෙක් ගැන නොව තමා ගැන පමණක්ම පාරට්ටුව තිබේ.[٥] මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය. |
|
ගීතාවලිය ٩٠:١٧ |
අපේ දෙවිවූ ස්වාමීන් ගේ අලංකාරය අප කෙරෙහි වේවා. අපේ අත්වල වැඩ අප කෙරෙහි ස්ථිර කළ මැනව; එසේය, අපේ අත්වල වැඩ ස්ථිරකළ මැනව. |
|
හිතෝපදේශ ١٢:١١ |
තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය. |
|
හිතෝපදේශ ١٣:٤ |
අලසයාගේ ප්‍රාණය ආශාවන නුමුත් ඔහුට කිසිවක් නැත; එහෙත් කඩිසරයන්ගේ ප්‍රාණය තරවෙයි. |
|
පිලිප්පි ٤:١٣ |
මා බලවත්කරන්නාවූ තැනන්වහන්සේ තුළ මට සියලු දේ කරන්ට පුළුවන. |
|
කොලොස්සි ٣:٢٤ |
ඔබ සැම කරන කොයි දෙයක් නුමුත් මනුෂ්‍යයන්ට නොව ස්වාමීන්වහන්සේට මෙන් සිතෙන් කරන්න. ඔබ සැම සේවයකරන්නේ ස්වාමිවූ ක්‍රිස්තුස්වහන්සේටය. |
|
හිතෝපදේශ 12:24 |
කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය; එහෙත් අලසයෝ දාස වැඩට යටත්වන්නෝය. |
|
හිතෝපදේශ ١٤:٢٣ |
සියලු වැඩවලින් ලාභ උපදියි; එහෙත් තොල්වල කථාවෙන් පැමිණෙන්නේ හිඟකම පමණක්ය. |
|
උත්පත්ති 2:3 |
දෙවියන්වහන්සේ තමන් මැවුවාවූ සෑදුවාවූ ස්වකීය සියලු වැඩවලින් සත්වෙනි දවසේ නිවාඩු ගත් හෙයින් ඒ දවසට ආශීර්වාදකොට එය ශුද්ධයයි නියමකළසේක. |
|
ශුද්ධවර ලූක් ١:٣٧ |
මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බල රහිත නොවන්නේයයි කීවේය. |
|
1 තිමෝති ٥:٨ |
යමෙක් තමාගේ අය, ප්රධානකොටම තමාගේම පවුලේ අය, රක්ෂා නොකරන්නේ නම්, ඔහු ඇදහිල්ල එපාකළේය, ඔහු නොඇදහිලිකාරයෙකුට වඩා නරකය. |
|
ජෙරමියා ٢٩:١١ |
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
|
හිතෝපදේශ ٦:١٠-١٢ |
[١٠] තව ටිකක් නිදාගැනීමක්ය, ටිකක් සැතපීමක්ය, නින්දට ස්වල්ප අත්පොරවාගැනීමක්යයි [١١] කියන ඔබට දිළිඳුකම හොරෙකු මෙන්ද හිඟකම අවිගත් කෙනෙකු මෙන්ද එනවා ඇත. [١٢] ප්‍රයෝග මුඛයක් ඇතුව ඇවිදින්නාවූ, තමාගේ ඇස්වලින් ඉඟිකරන්නාවූ, තමාගේ පාදවලින් හැඟුම් දෙන්නාවූ, |
|
2 තිමෝති ٢:٦ |
වැඩකරන ගොවියාම පළමුකොට ඵල භුක්තිවිඳින්ට ඕනෑය. |
|
උත්පත්ති 2:15 |
සතරවෙනි ගංගාව ප්රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. |
|
තීතස් ٢:٧-٨ |
[٧] සියල්ලෙහිදී ඔබම යහපත් ක්‍රියාවල ආදර්ශයක් වෙන්න; විරුද්ධකාරයාට අප ගැන කිසි නපුරක් කියන්ට නැතුව,[٨] ලජ්ජාවන පිණිස ඔබේ ගුරුකමෙන් පිරිසිදුකමත් සන්සුන්කමත් නිවැරදිවූ සාරවූ කථාවත් පෙන්වන්න. |
|
හිතෝපදේශ 16:3 |
ඔබේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේ ට භාරදෙන්න; එවිට ඔබේ යෝජනා ස්ථිරවන්නේය. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |