A A A A A

අතිරේක: [刺青]


ලෙවී ව්‍යවස්ථාව 19:28
不可為死人的緣故,割傷你們的身體,也不可在你們的身上刺花紋;我是耶和華。

1 කොරින්ති 6:18-20
[18] වේශ්‍යාකම කෙරෙන් පලා දුවන්න. මනුෂ්‍යයා කරන්නාවූ සියලු පව් ශරීරයෙන් පිටතය; නුමුත් වේශ්‍යාකම්කරන්නා තමාගේම ශරීරයට විරුද්ධව පව්කරන්නේය.[19] නොහොත් ඔබ සැමගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, ඔබ සැම තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?[20] ඔබ සැම ඔබ සැමටම අයිති නැත; මක්නිසාද ඔබ සැම මිලේටගනු ලැබුවහුය. එබැවින් ඔබ සැමගේ ශරීරයෙන් දෙවියන්වහන්සේට ගෞරවකරන්න.

එළිදරව්ව 19:16
උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.

1 කොරින්ති 10:23-31
[23] සියලු දේ ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල යෝග්‍ය නොවේ. සියල්ල ගැන නිදහස තිබේ; නුමුත් සියල්ල වර්ධනය නොකෙරේ.[24] කිසිවෙක් තමාගේම කාරණා නොසොයා, එකිනෙකා තම තමාගේ අසල්වාසියාගේ යහපත සොයාවා.[25] මස්කඩේ විකුණන කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා කන්න; මක්නිසාද පොළොවත් එහි සම්පූර්ණකමත් ස්වාමීන්වහන්සේගේය.[26] නොඅදහන්නන්ගෙන් යමෙක් ඔබ සැම කෑමට කැඳෙවු කල ඔබ සැම යන්ට කැමති නම්,[27] ඔබ සැම ඉදිරියෙහි තබනලද කොයි දෙයක් නුමුත්, හෘදයසාක්ෂිය නිසා කිසිවක් නොවිචාරා, කන්න.[28] නුමුත්: මේක දේවතා පිදවිල්ලක්යයි යමෙක් ඔබ සැමට කීවොත්, දැන්වූ තැනැත්තා නිසාත් හෘදයසාක්ෂිය නිසාත් නොකා සිටින්න.[29] හෘදයසාක්ෂිය නිසායයි මා කියන්නේ ඔබේම හෘදයසාක්ෂිය ගැන නොව අනික් අයගේ හෘදයසාක්ෂිය ගැනය; මාගේ නිදහස්කම අන් කෙනෙකුගේ හෘදයසාක්ෂියේ හැටියට විනිශ්චයකරන්නේ මන්ද?[30] මම ස්තුති දීමෙන් කන්නෙම් නම්, මා ස්තුති දෙන්නාවූ ඒ දේ ගැන මක්නිසා අපහාසකරනු ලබම්ද?[31] එහෙයින් ඔබ සැම කතත් බොතත් වෙන යමක් කරතත් සියල්ල දෙවියන්වහන්සේගේ ගෞරවය පිණිස කරන්න.

එපීස 5:10
ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරන්න.

ද්විතීය නීති සංග්‍රහය 14:1
ඔබ සැම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ දරුවෝය. මළ කෙනෙකු නිසා ශරීරය කපාගැනීමවත් ඔබ සැමගේ ඇස්බැම අතරේ බූගෑමවත් නොකරන්න.

1 කොරින්ති 3:16-17
[16] ඔබ සැම දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ ඔබ සැම තුළ වාසයකරන බවද නොදනිවුද?[17] යමෙක් දෙවියන්වහන්සේගේ මාළිගාව නාස්තිකරන්නේ නම්, දෙවියන්වහන්සේ ඔහුව නාස්තිකරනසේක; මක්නිසාද දෙවියන්වහන්සේගේ මාළිගාව ශුද්ධය, ඒ මාළිගාව ඔබ සැමය.

1 කොරින්ති 9:27
නුමුත් මාගේ ශරීරය දමනයකර වාල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.

රෝම 12:1
එබැවින් සහෝදරයෙනි, ඔබ සැමගේ ශරීරයන් ජීවමානවූ, ශුද්ධවූ, දෙවියන්වහන්සේ විසින් පිළිගත හැකිවූ යාගයක් කොට ඔප්පුකරන හැටියට දෙවියන්වහන්සේගේ දයාවන් නිසා ඔබ සැමගෙන් ඉල්ලමි, එය ඔබ සැමගේ ආත්මික සේවය වේ.

Sinhala Bible SROV
Ceylon Bible Society