2 සාමුවෙල් 17:23 |
Ahitofel entonces, viendo que no se había seguido su consejo, enalbardó el asno, y subiendo en él, se fue a su casa, a su ciudad; y dispuso su familia, y se ahorcó, y murió, y fue enterrado en el sepulcro de su padre. |
|
යෙසායා 41:10 |
භය නොවෙන්න, මක්නිසාද මම ඔබ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම ඔබේ දෙවියන්වහන්සේය. මම ඔබ ශක්තිමත්කොට, ඔබට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් ඔබ උසුලන්නෙමි. |
|
යෙසායා 55:11 |
මාගේ මුඛයෙන් නික්මෙන මාගේ වචනයත් මා වෙතට හිස්ව හැරී නෑවිත්, මා කැමැති දෙය සිදුකොට, මා නියමකළ කාරණය සඵලකරනවා ඇත. |
|
ජෙරමියා 29:11 |
මා විසින් ඔබ සැම ගැන කරන යෝජනා මමම දනිමි, ඔබ සැමට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
|
ශුද්ධවර ජොහන් 10:10 |
සොරා එන්නේ සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත් පමණක්ය. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය අධිකලෙස ලැබෙන පිණිසත්ය. |
|
1 ජොහන් ४:४ |
මාගේ ප්‍රිය දරුවෙනි, ඔබ සැම දෙවියන්වහන්සේට අයිතිව, ලෝකයෙහි සිටින තැනැත්තාට වඩා ඔබ සැම තුළ සිටින තැනන්වහන්සේ උතුම් බැවින්, ඔබ සැම ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔව්හු ලෝකයෙන් වෙති. |
|
ශුද්ධවර මාක් 16:16 |
අදහාගන්නාවූ බව්තීස්මය ලබන්නාවූ තැනැත්තේ ගළවනු ලබන්නේය; නුමුත් අදහා නොගන්නා තැනැත්තේ වරදට පත්කරනු ලබන්නේය. |
|
ගීතාවලිය 55:22 |
ඔබේ බර ස්වාමින් පිට තබව, උන්වහන්සේ ඔබ උසුලනසේක. උන්වහන්සේ කිසිකලෙකත් ධර්මිෂ්ඨයා සෙලවෙන්ට නොදෙනසේක. |
|
රෝම 8:1-2 |
[1] එහෙයින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නන්ට දැන් දඬුවමට පත්කිරීමක් නැත.[2] මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය. |
|
රෝම 8:38-39 |
[38] මක්නිසාද මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්,[39] උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේයයි ඒකාන්තයෙන්ම දනිමි. |
|
ශුද්ධවර මතෙව් 27:3-4 |
[3] එවිට උන්වහන්සේ පාවාදුන් යූදස් උන්වහන්සේ වරදට පත්කරනු ලැබූ බව දැක, පසුතැවිලිව, රිදී මිල තිහ නායක පූජකයන්ද වැඩිමහල්ලන්ද ළඟට නැවත ගෙනවුත්:[4] නිදොස් ලේ පාවාදීමෙන් මම පව්කෙළෙමියි කීවේය. නුමුත් ඔව්හු: එයින් අපට කම මොකද? ඔබම බලාගන්නැයි කීවෝය. |
|
ගීතාවලිය 34:18-19 |
[18] ස්වාමීන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන්ට ළංව සිටිනසේක. තැළුණු ආත්ම ඇත්තන් ගළවනසේක. [19] ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක. |
|
1 සාමුවෙල් 31:3-5 |
[3] සටන සාවුල්ට විරුද්ධව බලවත් විය, දුනුවායෝ ඔහුට ළංවූහ; ඔහු දුනුවායන් නිසා තද අමාරුවට පත්විය.[4] එවිට සාවුල් තමාගේ ආයුධ ගෙනයන්නාට කථාකොට: අර අචර්මඡේදිතයන් ඇවිත් මට ඇන අවනම්බු නොකරන පිණිස ඔබේ කඩුව ඇද මට අනින්නැයි කීය. නුමුත් ඔහුගේ ආයුධ ගෙනයන්නා එසේ කරන්ට කැමතිවුණේ නැත; මක්නිසාද ඔහු ඉතා භයව සිටියේය. එවිට සාවුල් තමාගේ කඩුව රැගෙන එය පිට වැටුණේය.[5] සාවුල් මැරුණු බව ඔහුගේ ආයුධ ගෙනයන්නා දුටු විට ඔහුද තමාගේ කඩුව පිට වැටී ඔහු සමඟ මළේය. |
|
1 රාජාවලියේ 16:15-20 |
[15] යුදාහි රජවූ ආසාගේ විසි හත්වෙනි අවුරුද්දේදී සිම්රි තිර්ශාහි සත් දවසක් රජකම්කෙළේය. එවිට සෙනඟ පිලිස්තිවරුන්ට අයිති ගිබ්බෙතෝන්ට විරුද්ධව කඳවුරු බැඳගෙන සිටියෝය.[16] සිම්රි කුමන්ත්‍රණයකොට රජුටත් පහරදුන්නේය කියා කඳවුරු බැඳගෙන සිටි සෙනඟ ඇසූ විට සියලු ඉශ්රායෙල්වරු සේනාපතිවූ ඔම්රී ඒ දවසේ කඳවුරේදී ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකමට පත්කළෝය.[17] ඔම්රීද ඔහු සමඟ සියලු ඉශ්‍රායෙල්වරුද ගිබ්බෙතෝන් සිට ගොස් තිර්ශා වටලාගත්තෝය.[18] තවද නුවර අල්ලාගත් බව සිම්රි දුටු විට ඔහු රජගෙයි බලකොටුවට ඇතුල්වී රජගෙට ගිනිලාගෙන මළේය.[19] එසේ වුණේ ඔහු ස්වාමීන්වහන්සේ ගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කරමින් යෙරොබොවම්ගේ මාර්ගයෙහිද ඉශ්රායෙල්ට පව්කරන්ට සලස්වන ලෙස ඔහු කළාවූ පාපයේ හැටියටද හැසිරෙමින් ඔහු කළාවූ පාපවල් නිසාය.[20] සිම්රිගේ අනික් ක්‍රියාද ඔහු කළ ද්‍රෝහිකම්ද ඉශ්රායෙල් රජුන්ගේ ලේකම් පොතෙහි ලියා තිබෙනවා නොවේද? |
|
වීරාවලිය 9:50-55 |
[50] ඉක්බිති අබිමෙලෙක් තේබේශ්ට ගොස්, තේබේශ්ට විරුද්ධව කඳවුරු බැඳ ඒක අල්වාගත්තේය.[51] ඒ නුවර තුළ සවි ඇති බලකොටුවක් විය, සියලු ස්ත්‍රීන් හා පුරුෂයෝද නුවර වැසි සියල්ලෝ ද එහි පලාගොස් දොරවල් වසාගෙන කොටුවේ පියස්ස මුදුනට නැගුණෝය.[52] අබිමෙලෙක් කොටුව ළඟට ඇවිත් ඊට විරුද්ධව සටන්කොට කොටු දොර පුලුස්සා දමන්ට ඒ ළඟට ගියෝය.[53] එවිට එක්තරා ස්ත්‍රියෙක් ඇඹරුම් ගලක උඩ පළුව අබිමෙලෙක්ගේ හිස පිට හෙළා ඔහුගේ ඉස්කබල බින්දාය.[54] ඔහු තමාගේ ආයුධ ගෙනයන තරුණයා ඉක්මනට කැඳවා: ස්ත්‍රියෙක් ඔහු මැරුවායයි මිනිසුන් මා ගැන නොකියන පිණිස ඔබේ කඩුව ඇද මා මරන්නැයි කීය. තරුණයා ඔහුට ඇන්නේය, ඔහු මළේය.[55] ඉශ්රායෙල් මනුෂ්‍යයෝ අබිමෙලෙක් මළ බව දැක සියල්ලෝ තමුන්ගේ ස්ථානයට ගියෝය. |
|
වීරාවලිය 16:25-30 |
[25] ඔවුන්ගේ සිත් ප්‍රීතිමත්වූ කල: අපට ක්‍රීඩා පෙන්වන්ට සම්සොන්ට අඬගසන්නැයි කියා ඔව්හු හිරගෙයින් ඔහු අඬගස්වාගත්තෝය; ඔහු ඔවුන් ඉදිරියේ ක්‍රීඩා කෙළේය. ඔව්හු කුළුනු කණු අතරේ ඔහු සිටෙවුවෝය.[26] සම්සොන් තමාගේ අත අල්වා සිටි යෞවනයාට කථාකොට: මේ ගෘහය පිහිටා තිබෙන කුළුනුවලට මා හාන්සිවෙන පිණිස ඒවායේ මාගේ අත තබා බලන්ට ඉඩහරින්නැයි කීවේය.[27] ඒ ගෘහය පුරුෂයන්ගෙන්ද ස්ත්‍රීන්ගෙන්ද පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතිවරුත් එහි සිටියෝය; පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ තුන් දහසක් පමණ සම්සොන් ක්‍රීඩා පෙන්වනවා බලා සිටියෝය.[28] සම්සොන් ස්වාමීන්වහන්සේ ට යාච්ඤාකොට: අනේ ස්වාමිවූ දෙවියන්වහන්ස, මා සිහිකළමැනව, අනේ දෙවියන්වහන්ස, මාගේ ඇස් දෙක ගැන මා විසින් පිලිස්තිවරුන්ගෙන් එකවරටම පළිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය.[29] එවිට සම්සොන් ගෘහය ඉසුලුවාවූ මැද කුළුනු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද නමමින්:[30] පිලිස්තිවරුන් සමඟ මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් නැඹුරුවුණේය; එවිට ගෘහය අධිපතිවරුන් සහ එහි සිටි මුළු සෙනඟ පිට වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අය වැඩි වූහ. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |