දානියෙල් 11:31 |
ඔහු විසින් නැගුටුවන සේනා පැමිණ, බලකොටුව වන ශුද්ධස්ථානය කෙලහා, දවස්පතා පූජාව පහකොට, පාළුකරන පිළිකුල පිහිටුවනවා ඇත. |
|
දානියෙල් 12:11 |
දවස්පතා පූජාව පහකර පාළුකරන පිළිකුල පිහිටුවන කාලය පටන් එක්දාස් දෙසිය අනූ දවසක් වන්නේය. |
|
ද්විතීය නීති සංග්‍රහය 22:5 |
ස්ත්‍රියෙකු විසින් පුරුෂයෙකුගේ ඇඳුමක්වත් පුරුෂයෙකු විසින් ස්ත්‍රියෙකුගේ වස්ත්‍රයක්වත් නොහැඳිය යුතුය. මක්නිසාද මෙසේ කරන කවරෙක් නුමුත් ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
ද්විතීය නීති සංග්‍රහය 23:18 |
වේශ්‍යාවකුගේ පණයම්වත් බල්ලෙකුගේ කුලීවත් කිසියම් බාරයක් පිණිස ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගෘහයට නොගෙනෙන්න. මක්නිසාද මේ දෙකම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
ද්විතීය නීති සංග්‍රහය 24:4 |
ඈ එසේ කිලුටුවූ පසු ඈ අත්ඇරියාවූ ඇගේ ප්‍රථම පුරුෂයාට නැවත ඈ භාර්යාව කොට ගන්ට නුපුළුවන; මක්නිසාද ඒක ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි පිළිකුලක්ය. ඔබ ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උරුමයක් පිණිස ඔබට දෙන දේශයට වරද නොපමුණුවන්න. |
|
යෙසායා 1:13 |
නිෂ්ඵල පූජා තවත් නොගෙනෙන්න; දුම් පූජාව මට පිළිකුලක්ය; අමාවකද සබත් දවසද සභා රැස්කිරීමද එසේමය. දුෂ්ටකම සහිත මංගල්‍ය රැස්වීම මට ඉවසන්ට බැරිය. |
|
ලෙවී ව්‍යවස්ථාව 7:18 |
ඔහුගේ ශාන්ති පූජාවල යාගයේ මාංසයෙන් කිසිවක් තුන්වෙනි දවසෙහි කෑවොත් එය පිළිගනු ලැබීමවත් එය පූජාකරන තැනැත්තාගේ ගණනට තබනු ලැබීමවත් නොවිය යුතුය. එය පිළිකුලක් වන්නේය, එයින් කන තැනැත්තේද තමාගේ අයුතුකම දරන්නේය. |
|
ලෙවී ව්‍යවස්ථාව 18:22 |
ගැහැනුන් සමඟ මෙන් පිරිමින් සමඟ සංවාසය නොකරන්න. ඒක පිළිකුලක්ය. |
|
හිතෝපදේශ 11:1 |
හොර තරාදිය ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් හරි කළන්පඩියට උන්වහන්සේ ප්‍රසන්නය. |
|
හිතෝපදේශ 11:20 |
වංක සිත් ඇත්තෝ ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. එහෙත් සම්පූර්ණ මාර්ගයක යන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නසේක. |
|
හිතෝපදේශ 12:22 |
බොරුකාර තොල් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය. |
|
හිතෝපදේශ 15:8 |
දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය. |
|
හිතෝපදේශ ୧୫:୨୬ |
දුෂ්ටයන්ගේ යෝජනා, ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; එහෙත් පවිත්‍රයන්ගේ වචන උන්වහන්සේට ප්‍රසන්නය. |
|
හිතෝපදේශ 16:5 |
උඩඟු සිත් ඇති කවුරු නුමුත් ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; අතට අත එකතුවුණත් ඔහු දඬුවම් නොලැබ නොසිටින්නේය. |
|
හිතෝපදේශ ୧୭:୧୫ |
දුෂ්ටයා නිදොස්කරන්නාද ධර්මිෂ්ඨයා වරදට පත්කරන්නාද යන දෙදෙනාම ස්වාමීන්වහන්සේ ට එකාකාර පිළිකුලක්ය. |
|
හිතෝපදේශ 20:10 |
ද්වීප්‍රකාර කළන්පඩිද ද්වීප්‍රකාර මිමිද යන දෙවගේම ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. |
|
හිතෝපදේශ 20:23 |
ද්වීප්‍රකාර කළන්පඩි ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය; හොර තරාදි හොඳ නැත. |
|
හිතෝපදේශ 28:9 |
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය. |
|
එළිදරව්ව 21:27 |
බැටළුපැටවාණන්ගේ ජීවන-පොතෙහි ලියනලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල්වූ බොරුවූ දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුළු නොවන්නේය. |
|
ශුද්ධවර මාක් 13:14 |
තවද පාළුකරන පිළිකුල නුසුදුසු ස්ථානයේ සිටිනවා ඔබ සැම යම් කලක දකින්නහුද (කියවන්නා තේරුම්ගනීවා), එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායෙත්වා. |
|
ශුද්ධවර මතෙව් 24:15 |
එබැවින් අනාගතවක්තෘවූ දානියෙල් විසින් කියනලද පාළුකරන පිළිකුල ශුද්ධස්ථානයෙහි තිබෙනවා ඔබ සැම යම් කලෙක දක්නහුද (කියවන්නා තේරුම් ගනීවා), |
|
රෝම 1:26-27 |
[26] ඒ නිසා දෙවියන්වහන්සේ ඔවුන් නීච තෘෂ්ණාවලට භාරදුන්සේක. ඔවුන්ගේ ස්ත්‍රීහු ස්වාභාවික ව්‍යවහාරය ස්වභාවට විරුද්ධවූ ව්‍යවහාරයට වෙනස්කළෝය.[27] එසේම පුරුෂයෝද ස්ත්‍රිය සම්බන්ධ ස්වාභාවික ව්‍යවහාරය අත්හැර ඔවුනොවුන් කෙරෙහි රාගයෙන් මත්ව, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශෝභන දේ කරමින්, තමුන්ගේ වරදවලට සුදුසු ඵල තමුන් තුළම ලැබුවෝය. |
|
ලෙවී ව්‍යවස්ථාව 20:12-13 |
[12] මනුෂ්‍යයෙක් තම පුත්‍රයාගේ භාර්යාව සමඟ සයනය කළොත් ඔවුන් දෙදෙනාම සැබවින් මරනු ලැබිය යුතුය. ඔව්හු ව්‍යාකූලයක් කළෝය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය.[13] මනුෂ්‍යයෙක් ගැහැනියකු සමඟ සයනයකරන්නාක්මෙන් පිරිමියෙකු සමඟ සයනයකළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔව්හු සැබවින් මරනු ලැබිය යුතුය; ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. |
|
හිතෝපදේශ 6:16-20 |
[16] ස්වාමීන්වහන්සේ ද්වේෂකරන කාරණා හයක් තිබේ; එසේය, උන්වහන්සේට පිළිකුල්වූ කාරණා සතක් තිබේ: [17] උඩඟු ඇස්ය, බොරුකාර දිවය, නිදොස් ලේ වගුරුවන අත්‍ය, [18] දුෂ්ට උපා යොදන සිතය, නපුරට දුවන්ට ඉක්මන්වෙන පාදයෝය, [19] මුසාබස් නික්මවන බොරු සාක්ෂිකාරයාය, සහෝදරයන් අතරේ භේද පතුරුවන්නාය. [20] මාගේ පුත්‍රය, ඔබේ පියාගේ ආඥාව රක්ෂාකරන්න, ඔබේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |