2 තිමෝති 1:7 |
මක්නිසාද දෙවියන්වහන්සේ අපට දුන්නේ බයාදුකමේ ආත්මයක් නොව බලයෙත් ප්‍රේමයෙත් හික්මවීමෙත් ආත්මයක්ය. |
|
යෙසායා 1:17 |
යහපත්කම්කරන්ට ඉගෙනගන්න; යුක්තිය සොයා, බලාත්කාරය මැඩපවත්වන්න, මවුපියන් නැත්තාට යුක්තිය කර, වැන්දඹුවගේ නඩුව අසන්න. |
|
යෙසායා 6:8 |
එවිට: මම කවරෙකු යවම්ද? අප උදෙසා යන්නේ කවුදැයි කියන්නා වූ ස්වාමීන්වහන්සේ ගේ හඬ මට ඇසුණේය. මමද: මෙන්න මම මෙහිය; මා යැවුව මැනවයි කීමි. |
|
යෙසායා 54:17 |
ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට ඔබට විරුද්ධව නැගිටින සියලුම දිව් ඔබ විසින් වරදට පත්කරනවා ඇත. ස්වාමීන්වහන්සේ ගේ මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි ස්වාමීන්වහන්සේ කියනසේක. |
|
ශුද්ධවර ජොහන් 15:13 |
යමෙක් තමාගේ මිත්‍රයන් උදෙසා තමාගේ ජීවිතය දීමට වඩා මහත් ප්‍රේමයක් කිසිවෙකුට නැත. |
|
ජෝෂු 1:9 |
මා විසින් ඔබට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද ඔබ යන සෑම තැන්හිම ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ සමඟ සිටිනසේකැයි කීසේක. |
|
ශුද්ධවර ලූක් 1:79 |
අපේ පාද සමාදාන මාර්ගයට පමුණුවන පිණිසත්, ඉහළින් අරුණාලෝකය අප කරා පහළවන්නේයයි කීයේය. |
|
ශුද්ධවර ලූක් 10:19 |
බලව, සර්පයන්ද ගෝනුස්සන්ද පාගන්ටත් සතුරාගේ මුළු ශක්තිය මැඩපවත්වන්ටත් මා විසින් ඔබ සැමට බලය දී තිබේ. කොයි දෙයකින්වත් ඔබ සැමට අන්තරායක් නොවන්නේය. |
|
ශුද්ධවර ලූක් 5:9 |
මක්නිසාද ඔහු සහ ඔහු සමඟ සිටි සියල්ලෝ තමුන් ඇල්ලූ මසුන් රාශිය දැක විස්මිතවූවෝය. |
|
හිතෝපදේශ 21:15 |
යුක්තිය කිරීම ධර්මිෂ්ඨයාට ප්‍රීතියක්ව, අයුතුකම්කරන්නන්ට විනාශයක්ව තිබේ. |
|
හිතෝපදේශ 24:11 |
මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න. |
|
හිතෝපදේශ 27:17 |
යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි. |
|
ගීතාවලිය 101:8 |
අයුතුකම් කරන සියල්ලන් ස්වාමීන් ගේ නුවරින් සිඳදමන පිණිස දේශයේ සියලු දුෂ්ටයන් උදයක් පාසා විනාශකරන්නෙමි. |
|
ගීතාවලිය 82:3-4 |
[3] දුප්පතා සහ පියා නැත්තාද විනිශ්චයකරව්. පීඩිතයාටත් අසරණයාටත් යුක්තිය ඉෂ්ටකරව්. [4] දුප්පතා හා දිළිඳා මුදාහරිව්. දුෂ්ටයාගේ අතින් ඔවුන් නිදහස් කරව්. |
|
තීතස් 3:1-2 |
[1] අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත් වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද,[2] කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුන්ට සිහිකරවන්න. |
|
1 පේදුරු 2:13-17 |
[13] උත්තමයාව සිටින රජුට වේවා, නපුර කරන්නන්ට දඬුවම පිණිසත් යහපත කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවනලද්දාවූ ආණ්ඩුකාරයන්ට වේවා,[14] සියලු මනුෂ්‍ය නියෝගවලට ස්වාමීන්වහන්සේ නිසා යටත්වෙන්න.[15] මක්නිසාද මෙසේ ඔබ සැම යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්දකිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.[16] එසේය, ඔබ සැම නිදහස් අය නුමුත්, ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන්වහන්සේගේ දාසයන් මෙන් ව්‍යවහාරකරන්න. සියල්ලන්ටම ගෞරවකරන්න.[17] සහෝදර සමාගමට ප්‍රේමකරන්න. දෙවියන්වහන්සේට භයවෙන්න. රජ්ජුරුවන්ට ගෞරවකරන්න. |
|
ගීතාවලිය 18:37-43 |
[37] මාගේ සතුරන් ලුහුබැඳ අල්ලාගන්නෙමි. ඔවුන් විනාශවෙන තුරු හැරී නොඑන්නෙමි. [38] නැගිටින්ට බැරිවන ලෙස ඔවුන්ට පහරදෙන්නෙමි. ඔව්හු මාගේ පාදයට වැටෙන්නාහුය. [39] මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක. [40] ගේ වෛරකාරයන් මා විසින් සිඳිනු ලබන පිණිස ඔබ මාගේ සතුරන් මට පිටුපාන්ට සැලැස්සූසේක. [41] ව්හු මොරගැසුවෝය, නුමුත් ගළවන්ට කිසිවෙක් නොවීය. ස්වාමීන් ට මොරගැසුවෝය, නුමුත් උන්වහන්සේ ඔවුන්ට උත්තර නුදුන්සේක. [42] ඒකල මම සුළඟ ඉදිරියෙහි ධූලි මෙන් ඔවුන් සුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් වීසි කෙළෙමි [43] ඔබ ගේ විවාදවලින් මා මුදා ගත්සේක; ඔබ මා ජාතීන්ගේ ප්‍රධානියා කළසේක. මා විසින් ඇඳින නොගත් සෙනඟක් මට මෙහෙකරන්නේය. |
|
රෝම 13:1-14 |
[1] හැමදෙනාම බලයලත් මුලාදෑනීන්ට යටත්වෙත්වා. මක්නිසාද දෙවියන්වහන්සේගෙන් මිස කිසි මුලාදෑනිකමක් නැත්තේය; ඇත්තාවූ මුලාදෑනිකම් දෙවියන්වහන්සේ විසින් නියමකර තිබේ.[2] එබැවින් මුලාදෑනිකමට විරුද්ධව සිටින්නා දෙවියන්වහන්සේගේ නියෝගයට විරුද්ධව සිටියි. විරුද්ධව සිටින්නෝ තමුන් පිටට දඬුවම් පමුණුවා ගන්නෝය.[3] මක්නිසාද ආණ්ඩුකාරයෝ නපුරු ක්‍රියාවට මිස යහපත් ක්‍රියාවට භය උපදවන්නෝ නොවෙති. ඔබ මුලාදෑනියාට භයක් නැතුව සිටින්ට කැමැත්තෙහිද? යහපත් දේ කරන්න, එවිට ඔහුගෙන් ඔබට ප්‍රශංසාව ලැබේ.[4] මක්නිසාද ඔබට යහපත පිණිස ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ය. නුමුත් ඔබ නපුර කෙරෙහි නම්, භයවෙන්න; මක්නිසාද ඔහු නිරර්ථකයේ කඩුව නොදරයි. ඔහු දෙවියන්වහන්සේගේ සේවකයෙක්ව, නපුර කරන්නා කෙරෙහි උදහස පමුණුවන පිණිස පළිගන්නා කෙනෙක්ය.[5] එබැවින් උදහස නිසා පමණක් නොව හෘදයසාක්ෂිය නිසාද යටත්වෙන්ට ඕනෑය.[6] එසේය, ඔබ සැම සුංගම් දෙන්නෙත් මේ නිසාය; මක්නිසාද ඔව්හු මේ කාරණයෙහිම නොකඩව යෙදී සිටින්නාවූ දෙවියන්වහන්සේගේ සේවකයෝය.[7] එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.[8] එකිනෙකාට ප්‍රේමවීම මිස, අන් කිසිවක් ගැන කිසිවෙකුට ණයව නොසිටින්න. මක්නිසාද තමාගේ අසල්වාසියාට ප්‍රේමකරන්නා ව්‍යවස්ථාව සම්පූර්ණකර තිබේ.[9] මක්නිසාද: කාමමිථ්‍යාචාරය නොකරව, මිනී නොමරව, සොරකම් නොකරව, ලෝභ නොවව යන ආඥාද, වෙන යම් ආඥාවක් ඇත්නම් ඒ ආඥාවද: ඔබට මෙන් ඔබේ අසල්වාසියාට ප්‍රේමකරව යන මේ කීමෙහි අන්තර්ගතය.[10] ප්‍රේමය අසල්වාසියාට නපුරක් කරන්නේ නැත. එබැවින් ප්‍රේමය නම් ව්‍යවස්ථාව සම්පූර්ණ කිරීමය.[11] තවද කාලය දැන, එනම් දැන් ඔබ සැම නින්දෙන් පිබිද සිටින්ට හරි වේලාවයයි දැන, එසේ කරන්න. මක්නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව තිබේ.[12] රාත්‍රිය බොහෝසේ ඉකුත්ව ගියේය, දවාල ළඟය. එබැවින් අන්ධකාරයේ ක්‍රියා අහකදමා, ආලෝකයේ ආයුධ පැළඳගනිමු.[13] ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.[14] නුමුත් තෘෂ්ණා පූර්ණකරන පිණිස මාංසයට ඉඩනොදී, ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පැළඳගන්න. |
|
හිතෝපදේශ 28:1-28 |
[1] කිසිවෙක් එළවාගෙන නොඑන නුමුත් දුෂ්ටයෝ පලායති; එහෙත් ධර්මිෂ්ඨයෝ සිංහයෙකු මෙන් නිර්භීතව සිටිති. [2] දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය. [3] දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය. [4] ව්‍යවස්ථාව අත්හරින්නෝ දුෂ්ටයන්ට ප්‍රශංසාකෙරෙති; එහෙත් ව්‍යවස්ථාව පවත්වන්නෝ ඔවුන්ට විරුද්ධව සිටිති. [5] නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති; එහෙත් ස්වාමීන්වහන්සේ ගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති. [6] වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය. [7] ව්‍යවස්ථාව රක්ෂාකරන්නා ඥානවත් පුත්‍රයෙක්ය; එහෙත් නාස්තිකාරයන්ගේ යහළුවා තමාගේ පියා ලජ්ජාවට පමුණුවයි. [8] පොළිය හා ලාභයෙන් තමාගේ වස්තුව වැඩිකරගන්න අය ඒවා එකතුකර තබන්නේ දිළිඳුන්ට කරුණාකරන්නාටය. [9] ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය. [10] නපුරු මාර්ගයක යන ලෙස අවංක අය මුළාකරන තැනැත්තා තමාගේම වළේ වැටෙයි; එහෙත් සම්පූර්ණ අයට යහපත උරුමවේ. [11] වස්තුකාරයා තෙමේ ප්‍රඥාවතෙකැයි සිතන්නේය; එහෙත් තේරුම් ඇති දිළින්දා ඔහු සොයා බලා තේරුම්ගනියි. [12] ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ; එහෙත් දුෂ්ටයන් උසස් වන කල මනුෂ්‍යයෝ සැඟවෙති. [13] තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ. [14] නිතරම භයවන්නා වාසනාවන්තයෙක්ය; එහෙත් තමාගේ සිත දැඩිකරගන්නා විපතට වැටෙයි. [15] දිළිඳු සෙනඟක් ආණ්ඩුකරන දුෂ්ටයෙක් වනාහි ගොරවන සිංහයෙක්ද ගොදුරු සොයා ඇවිදින වලසෙක්ද මෙනි. [16] නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුෂ වැඩිකරගන්නේය. [17] යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා. [18] ඇදනැතිකමින් හැසිරෙන්නා ගැළවෙයි. එහෙත් තමාගේ මාර්ගවල වංකවූ තැනැත්තා හදිසියෙන් වැටෙන්නේය. [19] තමාගේ බිම අස්වද්දන්නාට බොහෝසෙයින් කෑම ලැබේ; එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණවේ. [20] විශ්වාස මනුෂ්‍යයෙකුට බොහෝ ආශීර්වාද ලැබේ; එහෙත් වස්තු උපදවාගන්ට ඉක්මන්වෙන්නා දඬුවම් නොලැබ නොසිටියි. [21] මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කෑල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත. [22] අප්‍රසන්න බැල්මක් ඇති මනුෂ්‍යයා වස්තුව පස්සේ වේගයෙන් යන්නේය, තමාට හිඟකම පැමිණෙන බව ඔහු නොදන්නේය. [23] ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ. [24] තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය. [25] ගිජු සිත් ඇත්තා තරඟය උපදවයි; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා පුෂ්ටිමත් වෙයි. [26] තමාගේම සිත කෙරෙහි විශ්වාසය තබන්නා අඥානයෙක්ය; එහෙත් නුවණින් හැසිරෙන්නා ගැළවෙන්නේය. [27] දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය. [28] දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැඟවෙති; එහෙත් ඔවුන් විනාශවෙන කල ධර්මිෂ්ඨයෝ වැඩිවෙති. |
|
ශුද්ධවර ලූක් 11:21 |
යුද්ධායුධවලින් සැරසුණාවූ බලවන්තයා තමාගේ ගෙය රක්ෂාකරන කල, ඔහුගේ දේපළ සුරක්ෂිතව තිබේ. |
|
ශුද්ධවර මතෙව් 5:9 |
සමාදානයකරන්නෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු දෙවියන්වහන්සේගේ පුත්‍රයෝයයි කියනු ලබන්නෝය. |
|
Sinhala Bible SROV |
Ceylon Bible Society |