A A A A A

අතිරේක: [දුප්පතුන්ට උදව් කිරීම]


ගලාති 2:10
අප විසින් දිළිඳුන් සිහිකරන ලෙස ඔවුන් ඉල්ලුවා පමණක්ය; එම දේ කරන්ට මමද ආශාවෙන් සිටියෙමි.

ශුද්ධවර මතෙව් 19:21
යේසුස්වහන්සේද: ඔබ සම්පූර්ණවෙන්ට කැමති නම් ගොස් ඔබ සන්තකදේ විකුණා දිළිඳුන්ට දෙන්න, එවිට ස්වර්ගයෙහිදී ඔබ සැමට වස්තු ලැබෙන්නේය. ඔබ මා අනුව යන්ට එන්නැයි ඔහුට කීසේක.

ශුද්ධවර ලූක් ١٢:٣٣-٣٤
[٣٣] ඔබ සැම සන්තක දේ විකුණා දන් දෙන්න; පරණ නොවන පසුම්බිද නැති නොවන වස්තුවක්ද ස්වර්ගයෙහි ඔබ සැමට සපයාගන්න; එහි සොරෙක් ළංවන්නේවත් කාවෙක් කන්නේවත් නැත.[٣٤] මක්නිසාද ඔබ සැමගේ වස්තුව තිබෙන්නේ යම් තැනකද ඔබ සැමගේ සිතත් එහිම තිබෙන්නේය.

ශුද්ධවර ලූක් ١٤:١٢-١٤
[١٢] උන්වහන්සේ තමන් කැඳවූ තැනැත්තාටත් කථාකොට: ඔබ දවල් කෑමක් හෝ රාත්‍රි කෑමක් හෝ පිළියෙළකරන කල, ඔබේ යහළුවන්වත් සහෝදරයන්වත් නෑයන්වත් පොහොසත් අසල්වාසීන්වත් නොකැඳවන්න; සමහරවිට ඔව්හු නැවත ඔබ කැඳවන්නෝය, එවිට ඔබට ප්‍රතිඵලයක් ලැබෙන්නේය.[١٣] නුමුත් ඔබ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.[١٤] ඔබට ප්‍රතිඵල දෙන්ට ඔවුන්ට නුපුළුවන් බැවින් ඔබට ආශීර්වාද ලැබෙන්නේය. මක්නිසාද ධර්මිෂ්ඨයන්ගේ නැවතනැගිටීමේදී ඔබට ප්‍රතිඵල ලැබෙන්නේයයි කීසේක.

ශුද්ධවර ලූක් ٦:٢٠-٢١
[٢٠] එවිට උන්වහන්සේ තමන් ගෝලයන් දෙසට ඇස් ඔසවා කියනසේක්: දිළිඳුවූ ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද දෙවියන්වහන්සේගේ රාජ්‍යය ඔබ සැමගේ ය.[٢١] දැන් බඩගිනි ඇති ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද ඔබ සැම තෘප්තියට පැමිණෙන්නහුය. දැන් හඬන්නාවූ ඔබ සැම ආශීර්වාදලද්දෝය. මක්නිසාද ඔබ සැම සිනාසෙන්නහුය.

2 කොරින්ති ٨:٩
මක්නිසාද අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව, එනම්, උන්වහන්සේ ධනවන්තව සිටිය නුමුත්, තමන්වහන්සේගේ දිළිඳුකම කරණකොටගෙන ඔබ සැම ධනවන්ත වන පිණිස, ඔබ සැම උදෙසා දිළිඳුවූ බව ඔබ සැම දන්නහුය.

ජාකොබ් ٢:٥
මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, අසන්න; ඇදහිල්ලෙහි ධනවත්වන පිණිසත්, තමන්වහන්සේට ප්‍රේමකරන්නවුන්ට පොරොන්දුවූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, දෙවියන්වහන්සේ ලෝකයේ දිළින්දන් තෝරා නොගත්සේක්ද? නුමුත් ඔබ සැම දිළින්දාට අගෞරවකළහුය.

ශුද්ධවර මාක් ١٤:٧
මක්නිසාද දිළින්දෝ ඔබ සැම සමඟ නිතරම සිටිති, ඔබ සැම කැමති කලක ඔවුන්ට යහපත කරන්ට ඔබ සැමට පුළුවන. නුමුත් මම ඔබ සැම සමඟ නිතරම නොසිටිමි.

හිතෝපදේශ 19:17
දුප්පතුන්ට අනුකම්පාකරන්නා ස්වාමීන්වහන්සේ ට ණයට දෙන්නේය; ඔහුගේ හොඳ ක්‍රියාවට උන්වහන්සේ ඔහුට ප්‍රතිඵලදෙනසේක.

හිතෝපදේශ 22:9
කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.

හිතෝපදේශ 14:31
දුප්පතාට පීඩාකරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරන්නේය; එහෙත් දිළිඳාට කරුණාකරන්නා උන්වහන්සේට ගෞරවකරන්නේය.

හිතෝපදේශ ٢٨:٢٧
දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.

ද්විතීය නීති සංග්‍රහය 15:11
දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් ඔබේ දේශයෙහිදී ඔබේ සහෝදරයාවූ ඔබේ දුප්පතාටත් ඔබේ දිළින්දාටත් ඔබේ අත සැබවින් විදහන්නැයි ඔබට අණකරමි.

හිතෝපදේශ ٢١:١٣
දුප්පතාගේ කන්නලව්වට කන් වසාගන්නා මොරගසන කල ඔහුටත් උත්තර නොලැබේ.

ශුද්ධවර ලූක් ٦:٣٨
දෙන්න, එවිට ඔබ සැමටත් දෙනු ලැබෙන්නේය; ඔව්හු ඔබමින් සොලවමින් උතුරුවමින් ඔබ සැමගේ ඔඩොක්කුවලට හොඳාකාර මැනදෙන්නෝය. මක්නිසාද ඔබ සැම යම් මිම්මකින් මැනදෙන්නහුද එයින්ම නැවත ඔබ සැමටත් මැනදෙනු ලැබෙන්නේයයි කීසේක.

ශුද්ධවර මතෙව් ٥:٤٢
ඔබෙන් ණය ගන්ට කැමති තැනැත්තාට පිටු නොපාන්න.

ජාකොබ් ١:٢٧
අපගේ පියවූ දෙවියන්වහන්සේ ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.

ලෙවී ව්‍යවස්ථාව 19:9-10
[9] ඔබ සැමගේ දේශයේ ගොයම් කපන කල ඔබේ කෙතේ මුලු තීන්දුවට කපා නොගන්න, කපන විට වැටෙන කරල් එකතුකර නොගන්න.[10] ඔබේ මිදිවත්තේ දෙවරක් වලු කපානොගන්න, ඔබේ මිදිවත්තේ වැටී තිබෙන ඵල එකතු නොකරන්න. දිළින්දාට විදේශියාටද ඒවා අත්හරින්න. මම ඔබ සැමගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ය.

1 ජොහන් 3:17
නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?

ද්විතීය නීති සංග්‍රහය ١٥:٧-٨
[٧] ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ යම් නුවරක් තුළ ඔබේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් ඔබ වෙත සිටින්නේ නම්, ඔබ ඔබේ හෘදය දැඩිකරගන්නේවත් ඔබේ දිළිඳු සහෝදරයා වෙතින් ඔබේ අත පියාගන්නේවත් නැතුව,[٨] ඔබේ අත ඔහුට විදහා, ඔහුගේ හිඟකමට සෑහෙන පමණ ඇත්තෙන්ම ඔහුට ණයට දෙන්ට ඕනෑය.

ශුද්ධවර මතෙව් २५:३१-४६
[३१] මනුෂ්‍ය පුත්‍රයා සියලු දේවදූතයන් සමඟ තමන්ගේ තේජසින් එන කල, ස්වකීය තේජසේ සිංහාසනයෙහි වැඩ හිඳිනසේක.[३२] එවිට සියලු ජාතීහු උන්වහන්සේ ඉදිරියට රැස්කරනු ලබන්නෝය. උන්වහන්සේ එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන් ඔවුන් වෙන්කොට,[३३] බැටළුවන් තමන්ගේ දකුණු පැත්තේද එළුවන් වම් පැත්තේද සිටුවනසේක.[३४] එවිට රජ්ජුරුවෝ තමන්ගේ දකුණු පැත්තේ සිටින්නන්ට කියනසේක්: මාගේ පියාණන්ගෙන් ආශීර්වාදලත්තෙනි, එන්න, ලෝකය පටන්ගැන්මේ සිට ඔබ සැමට සූදානම්කර තිබෙන රාජ්‍යය උරුම කරගන්න.[३५] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, ඔබ සැම මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, ඔබ සැම මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිගත්තහුය;[३६] වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, ඔබ සැම මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, ඔබ සැම මා වෙතට ආවහුයයි කියනසේක.[३७] එකල ධර්මිෂ්ඨයන් උත්තරදෙමින්: ස්වාමිනි, කොයි කලෙක ඔබවහන්සේ බඩගිනිව සිටිනවා දැක කෑම දුනිමුද? නොහොත් පිපාසිතව සිටිනවා දැක බොන්ට දුනිමුද?[३८] කොයි කලෙක ඔබවහන්සේ ආගන්තුකව සිටිනවා දැක පිළිගතිමුද? නොහොත් වස්ත්‍ර නැතුව සිටිනවා දැක ඇඳුම් දුනිමුද?[३९] කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත.[४०] එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.[४१] එවිට උන්වහන්සේ වම් පැත්තේ සිටින්නන්ට කියනසේක්: ශාපලත්තෙනි, මා කෙරෙන් පහව යක්ෂයාටත් ඔහුගේ දූතයන්ටත් සූදානම්කර තිබෙන සදාකාල ගින්නට යන්න.[४२] මක්නිසාද මම බඩගිනිව සිටියෙමි. ඔබ සැම මට කන්ට නුදුන්නහුය. පිපාසිතව සිටියෙමි. ඔබ සැම මට බොන්ට නුදුන්නහුය.[४३] ආගන්තුකව සිටියෙමි, ඔබ සැම මා පිළිනොගත්තහුය; වස්ත්‍ර නැතුව සිටියෙමි, ඔබ සැම මට ඇඳුම් නුදුන්නහුය; රෝගාතුරවද හිරගෙයිද සිටියෙමි, ඔබ සැම මා බලන්ට නාවහුයයි කියනසේක.[४४] එවිට ඔවුනුත් උත්තරදෙමින්: ස්වාමිනි, අපි කොයි කලෙක ඔබ බඩගිනිව හෝ පිපාසිතව හෝ ආගන්තුකව හෝ වස්ත්‍ර නැතුව හෝ රෝගාතුරව හෝ හිරගෙයි හෝ සිටිනවා දැක ඔබවහන්සේට උපස්ථාන නොකෙළෙමුදැයි කියනවා ඇත.[४५] එවිට උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි මොවුන්ගෙන් ඉතා කුඩා කෙනෙකුටවත් එසේ නොකර සිටියහුද ඒක නොකළේ මටයයි කියනසේක.[४६] මොව්හු සදාකාල දඬුවමටත් ධර්මිෂ්ඨයෝ සදාකාල ජීවනයටත් යන්නෝයයි කීසේක.

යෙසායා 25:4
මක්නිසාද ඔබවහන්සේ භයානකයන්ගේ චණ්ඩ මාරුතය තාප්පයකට ගසන කුණාටුවක් මෙන් තිබියදී දුප්පතාට බලකොටුවක්ව දිළිඳාට ඔහුගේ විපත්තියේදී බලකොටුවක්ව, කුණාටුවේදී රක්ෂාස්ථානයක්ව, ග්‍රීෂ්මයේදී සෙවණක්ව සිටිසේක.

ක්‍රියා 20:35
මෙසේ වැඩකරමින් ඔබ සැම දුර්වලයන්ට උපකාර කටයුතු බවද: ගැනීමට වඩා දීම ආශීර්වාදයකැයි ස්වාමිවූ යේසුස්වහන්සේම කී වචන සිහිකටයුතු බවද පෙන්වා සියල්ලේදී ඔබ සැමට ආදර්ශයක් වූයෙමියි කීවේය.

හිතෝපදේශ 29:7
ධර්මිෂ්ඨයා දුප්පතුන්ගේ පැමිණිල්ල දැනගන්නේය; දුෂ්ටයාට ඒක දැනගන්ට තේරුමක් නැත.

ගීතාවලිය 140:12
ස්වාමීන්වහන්සේ පීඩිතයාගේ කාරණයත් දිළින්ඳාගේ යුක්තියත් ඉෂ්ටකරන බව දනිමි.

ජෙරමියා 22:16
ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

1 සාමුවෙල් 2:8
අධිපතීන් සමඟ හිඳුවන පිණිසත්, මහිමයේ සිංහාසනය උරුමකරවන පිණිසත්, උන්වහන්සේ දුප්පතා ධූලියෙන් නැගුටුවන සේක. දිළින්දා කසළ ගොඩින් ඔසවනසේක. මක්නිසාද පොළොවේ කණු ස්වාමීන්වහන්සේ ගේය, උන්වහන්සේ ලෝකය ඒවා පිට පිහිටෙවු සේක.

ශුද්ධවර ලූක් 3:11
ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය.

ලෙවී ව්‍යවස්ථාව 25:35
ඔබ වෙත ඔබේ සහෝදරයෙක් දිළිඳුවී ඔහුගේ අතමිට හිඟවුණොත් ඔහුට උපකාරකරන්න. විදේශියෙකු හා ආගන්තුකයෙකු මෙන් ඔහු ඔබ වෙත වාසයකෙරේවා.

හිතෝපදේශ 22:22-23
[22] දිළින්දා දිළිඳු බැවින් ඔහුගෙන් කොල්ල නොකන්න, අසරණයාට දොරටුවේදී පීඩා නොකරන්න. [23] මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් වෙනුවට විත්ති කියා, ඔවුන්ගෙන් කොල්ලකන්නන්ගේ ප්‍රාණය කොල්ලකන්නේය.

ලෙවී ව්‍යවස්ථාව 19:15
විනිශ්චයේදී අධර්මිෂ්ඨකමක් නොකරන්න. දිළිඳාගේ තරම සැලකීමෙන්වත් බලවතාගේ තත්ත්වයට ගරුකිරීමෙන්වත් නොව ධර්මිෂ්ඨකමින් ඔබේ අසල්වාසියා විනිශ්චයකරන්න.

හිතෝපදේශ 31:8-9
[8] ඔබේ මුඛය නිශ්ශබ්දව සිටින්නන් උදෙසාද අනාථවූ සියලු දරුවන්ගේ කාරණය උදෙසාද අරින්න. [9] ඔබේ මුඛය ඇර, ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය කරන්න.

ගීතාවලිය 12:5
දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

ගීතාවලිය 35:10
ස්වාමීනි, දුප්පතා ඔහුට වඩා බල වන්තයාගෙන් මුදන්නාවූ, දුප්පතා හා දිළිඳා කොල්ලකාරයාගෙන් ගළවන්නාවූ ඔබ සමාන කවරේදැයි මාගේ ඇට සියල්ලෙන් කියවෙන්නේය.

එපීස 4:28
සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්යකෙරේවා.

එසකියෙල්ගේ 16:49
මෙන්න, ඔබේ සහෝදරීවූ සොදොමේ වරද මෙසේය; උඩඟුකමත් කෑම පූර්ණකමත් නොසැලකිලි නිශ්චලකමත් ඈට සහ ඇගේ දූවරුන්ටත් තිබුණේය; ඈ අසරණයාගේද දිළින්දාගේද අත බලවත් නොකළාය.

යෙසායා 58:6-7
[6] මා විසින් තෝරාගත් උපවාසය නම් දුෂ්ටකමේ විලංගු මුදාහැරීමත්, වියගහේ බැඳුම් ලිහීමත්, බලාත්කාරය විඳින්නන් නිදහස්කර හැරීමත්, සියලුම වියගස් ඔබ සැම විසින් කඩාදැමීමත් නොවේද?[7] බඩගිනි ඇත්තන්ට ඔබේ කෑම බෙදාදීමත්, ගෙයක් දොරක් නැති අසරණයන් ඔබ විසින් ඔබේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, ඔබේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද?

හිතෝපදේශ 17:5
දිළින්දාට සරදම්කරන්නා ඔහුගේ මැවුම්කාරයාණන්ට නින්දාකරයි; විපත්තියට ප්‍රීතිවෙන්නා දඬුවම් නොලැබ නොසිටියි.

1 ජොහන් 3:17-18
[17] නුමුත් ලෝකයේ වස්තු ඇත්තා තමාගේ සහෝදරයාගේ හිඟකම දැක ඔහුට අනුකම්පා නොකළොත්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඔහු තුළ පවතින්නේ කෙසේද?[18] මාගේ ප්‍රිය දරුවෙනි, වචනයෙන්වත් දිවෙන්වත් නොව ක්‍රියාවෙනුත් සැබෑවෙනුත් ප්‍රේමකරමු.

ශුද්ධවර මතෙව් 25:40
එවිට රජ්ජුරුවෝ උත්තරදෙමින්: සැබවක් ඔබ සැමට කියමි-මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා කුඩා කෙනෙකුට නුමුත් ඔබ සැම ඒක කළහුද ඒක කළේ මටයයි කියනසේක.

ද්විතීය නීති සංග්‍රහය 15:10-11
[10] ඔබ ඔහුට දෙන්ටම ඕනෑය, ඔබ ඔහුට දෙන විට ඔබේ සිතේ කනගාටුවක් නොවේවා. මක්නිසාද මේ කාරණය නිසා ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබේ සියලු වැඩවලදීත් ඔබේ අත තබන සියල්ලේදීත් ඔබට ආශීර්වාදකරනවා ඇත.[11] දිළින්දෝ කවදාත් දේශයෙහි ඉන්නෝමය. එබැවින් ඔබේ දේශයෙහිදී ඔබේ සහෝදරයාවූ ඔබේ දුප්පතාටත් ඔබේ දිළින්දාටත් ඔබේ අත සැබවින් විදහන්නැයි ඔබට අණකරමි.

යෙසායා 61:1
ස්වාමිවූ දෙවියන්වහන්සේගේ ආත්මය මා කෙරෙහිය; මක්නිසාද දිළිඳුන්ට ශුභාරංචිය දේශනා කරන්ට ස්වාමීන්වහන්සේ මා ආලේප කළසේක; බිඳුණු සිත් ඇත්තන් සුවකරන්ටද, වහලුන්ට නිදහසත් හිරකාරයන්ට හිරගෙයින් මිදීමත් ප්‍රකාශකරන්ටද,

ගලාති 6:2
එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පූර්ණකරන්න.

හෙබ්‍රෙව් 13:16
නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.

රෝම 12:13
ශුද්ධවන්තයන්ගේ ඕනෑකම්වලදී උපකාරකරන්න; ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න.

ශුද්ධවර ලූක් 3:10-11
[10] එවිට සමූහයෝ: එසේවී නම් අප විසින් කුමක් කරන්ට ඕනෑදැයි ඔහුගෙන් ඇසුවෝය.[11] ඔහු උත්තරදෙමින්: අඳනා දෙකක් ඇති අය නැති අයට දේවා; කෑම ඇති අයද එසේම කෙරේවයි ඔවුන්ට කීවේය.

යෙසායා 41:17
අසරණයන්ද දිළින්දන්ද වතුර සොයා නොලැබ ඔවුන්ගේ දිවි පිපාසායෙන් වේලෙන කල, ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ට උත්තරදෙන්නෙමි, ඉශ්‍රායෙල්හි දෙවියන්වහන්සේ වන මම ඔවුන් අත්නාරින්නෙමි.

ද්විතීය නීති සංග්‍රහය 15:7
ඔබේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබට දෙන දේශයෙහි ඔබේ යම් නුවරක් තුළ ඔබේ සහෝදරයන්ගෙන් යම් දිළින්දෙක් ඔබ වෙත සිටින්නේ නම්, ඔබ ඔබේ හෘදය දැඩිකරගන්නේවත් ඔබේ දිළිඳු සහෝදරයා වෙතින් ඔබේ අත පියාගන්නේවත් නැතුව,

එසකියෙල්ගේ 22:29
දේශයේ සෙනඟ බලාත්කාරකම්කොට කොල්ලකෑවෝය; අසරණයාටද දිළින්දාටද පීඩාකොට, අයුතුලෙස විදේශියාට බලාත්කාර කළෝය.

Sinhala Bible SROV
Ceylon Bible Society