A A A A A

හොඳ චරිතයක්: [නිහතමානිකම]


1 කොරින්ති 12:23
තවද අපි, ශරීරයෙහි සුළුකොට සලකන අවයවයන් වඩාත් ගරු කොට සලකමු. ඇරත් ශෝභා සම්පන්න නො වූ අවයවයන්ට වඩාත් ශෝභනත්වයක් දෙමු.

1 තිමෝති 2:8-10
[8] එහෙයින් පිරිමි පක්ෂය සෑම තැන්හි ම කෝපයෙන් හා වාදයෙන් තොර ව, සැදෑ සිතින් දොහොත් නඟා, යාච්ඤා කරන්නේ නම් මම කැමැති වෙමි.[9] එසේ ම, ස්ත්‍රී පක්ෂය කොණ්ඩ මෝස්තර ද, රන් මුතු අබරණ ද, මිල අධික වස්ත්‍ර ද යන මේවායින් වැළකී ඔබින, විනීත ඇඳුම් ඇඳගත යුතු යි.[10] ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්‍රීන්ට ඔබින යහපත් ක්‍රියා කිරීම ය.

1 පේදුරු 3:3-4
[3] ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.[4] එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.

රෝම 12:2
ඔබ ලෝක ව්‍යවහාරය අනුව හැඩ නොගැසී, සිත අලුත් කරගැනීමෙන් වෙනස් අය වන්න. එවිට, දෙවියන් වහන්සේගේ කැමැත්ත, එනම්, යහපත් වූ, පිළිගත යුතු වූ, සම්පූර්ණ වූ දේ කුමක් ද කියා ඔබට තේරුම්ගත හැකි ය.

ශුද්ධවර මතෙව් 5:28
එහෙත්, මම ඔබට කියමි, යමෙකු ස්ත්‍රියක දෙස කාමරාගයෙන් බැලූ කෙණෙහි ම ඔහු ඈ සමඟ සිතින් කාමමිථ්‍යාචාරය කර ඇත.

ද්විතීය නීති සංග්‍රහය 22:5
“කාන්තාවක පුරුෂයෙකුගේ ඇඳුම් ඇඟ ලා නොගත යුතු ය. පුරුෂයෙකු ස්ත්‍රියකගේ ඇඳුම ඇඟ ලා නොගත යුතු ය. එලෙස කරන සියල්ලන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.

1 පේදුරු 3:3
ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.

1 සාමුවෙල් ൧൬:൭
එහෙත්, සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “ඔහුගේ පෙනීම දෙස වත්, ශරීරයේ උස මහත දෙස වත් නොබලන්න; මන්ද, මම ඔහු ප්‍රතික්ෂේප කෙළෙමි. සමිඳාණන් වහන්සේ මිනිසා බලන්නාක් මෙන් නොබලන සේක. මිනිසා බලන්නේ බාහිර පෙනීම දෙස ය. එහෙත්, සමිඳාණන් වහන්සේ බලන්නේ සිත දෙස ය”යි වදාළ සේක.

1 කොරින්ති 6:19-20
[19] ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත.[20] ඔබ මිලයකට ගත් අය වන්නහු ය. එබැවින් ඔබගේ ශරීර දේව මහිමය සඳහා යොදවන්න.

1 කොරින්ති 10:31
එහෙයින් ඔබ කෑවත් බීවත්, වෙන දෙයක් කළත්, සියල්ල දේව ගෞරවය පිණිස කරන්න.

හිතෝපදේශ 7:10
එවිට ඈ වෙසඟනකගේ වස්ත්‍ර හැඳ, රැවටිලිකාර ස්ත්‍රියක මෙන් ඔහුට මුණගැසුණා ය.

හිතෝපදේශ 31:30
රූසිරිය මායාවකි, රූසපුව පහවන්නකි; එහෙත් දේව ගරුබිය ඇති කතට ගරු පැසසුම් ඇත.

1 තිමෝති 3:2
එහෙයින් සභා නායක තෙමේ නිදොස් චරිතයකින් යුත්, එක භාර්යාවක් ඇති පුරුෂයෙකු ද, තැන්පත්, සන්සුන්, ආචාර සම්පන්න, ආගන්තුක සත්කාරයට කැමැති, උගන්වන්නට සමර්ථ තැනැත්තෙකු ද විය යුතු යි.

ශුද්ධවර ලූක් 17:1
උන් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කරමින්, “මිනිසුන් පාපයට පමුණුවන හේතුන් ඇති වීම නියත ය. එහෙත් යමෙකු නිසා ඒ හේතු පැමිණේ ද, ඔහුට වන විපතක මහත!

හිතෝපදේශ 11:22
ඌරෙකුගේ හොම්බෙහි ලූ රන් මුදුව යම් සේ ද අනුවණ කාන්තාවගේ රූ සපුව ද එසේ ම ය.

එපීස 2:10
මන්ද, අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ විසින් ක්‍රිස්තුන් වහන්සේ තුළ මවනු ලැබූ මැවිලි වෙමු. ඒ යහපත් ක්‍රියා කරන පිණිස දෙවියන් වහන්සේ කල් තියා අප සූදානම් කළ සේක.

රෝම 14:13
එබැවින් අපි එකිනෙකා විනිශ්චය කිරීමෙන් වැළකෙමු. එසේ නොකර, සහෝදරයෙකුගේ පැකිළීමට හෝ වැටීමට හෝ හේතු වන කිසිවක් නොකර සිටීමට තීරණය කරගනිමු.

1 පේදුරු 3:3-5
[3] ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.[4] එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.[5] පුරාණ කාලයේ දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තුව තැබූ භක්තිවන්ත ස්ත්‍රීවරු ස්වකීය ස්වාමි පුරුෂයන්ට යටත් ව මෙලෙස අලංකාරවත් වූ හ.

1 පේදුරු 1:14
ඔබ නොදැන සිටි කාලයේ දී තිබුණු තෘෂ්ණාවලට වහල් නොවී කීකරු දරුවන් මෙන් හැසිරෙන්න.

1 සාමුවෙල් 9:21
සාවුල් පිළිතුරු දෙමින්, “මම ඉශ්රායෙල් ගෝත්‍රවලින් ඉතා කුඩා එකක් ව තිබෙන බෙන්ජමින් ගෝත්‍රයට අයත් කෙනෙක් නොවෙම් ද? බෙන්ජමින්ගේ සියලු පවුල්වලින් මාගේ පවුල ඉතා සුළු එක නොවේ ද? එසේ නම්, ඔබ මෙලෙස මට කතා කරන්නේ මන්දැ”යි ඇසුවේ ය.

එස්තර් 1:11-12
[11] වස්තී බිසව ඉතා සුරූපී නිසා ඇගේ අලංකාරය සිය සෙනඟටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇගේ රාජකීය කිරීටය ද පළඳවාගෙන ඈ තමා ඉදිරිපිටට කැඳවාගෙන එන්නට රජ ඔවුන්ට අණ කෙළේ ය.[12] එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි.

ජෝබ් 32:4-7
[4] එලීහු ඔහුගේ මිතුරන්ට වඩා වයසින් බාල වූයෙන්, ජෝබ්ට පිළිතුරු දීමට ඉදිරිපත් නො වී ය.[5] එහෙත්, ඒ තුන්දෙනා පිළිතුරක් නොදෙන බව ඔහු දුටු විට ඔහුගේ කෝපය ඇවිස්සුණේ ය.[6] එකල බූසීය බාරකෙල්ගේ පුත් එලීහු පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “මම නම් වයසින් බාල ය; ඔබ වනාහි වයසක උදවිය ය; එබැවින් මා දන්න දේ ඔබ ඉදිරියේ පැවසීමට බිය ව මම පසෙකට වී සිටියෙමි.[7] ‘වයසක උදවිය කතා කළ යුතු යි; දිගායු වැළඳු අය ප්‍රඥාව පැවසිය යුතු යි,’ යනු මාගේ වැටහීම යි.

1 පේදුරු 3:1-4
[1] එසේ ම භාර්යාවෙනි, ඔබගේ ස්වාමි පුරුෂයන්ට යටත් වන්න. එවිට ඔවුන්ගෙන් සමහරෙක් සුබ අස්න නොඅදහන්නන් වුවත්,[2] ඔබගේ නිර්මල, විනීත හැසිරීමෙන් ඔවුන් දිනාගැනීමට හැකි වනු ඇත.[3] ඔබගේ අලංකාරය, කොණ්ඩා මෝස්තර ද රන් රිදී ආභරණ ද ඇඳුම් පැළඳුම් ද යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුයි.[4] එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.

1 ජොහන් 2:16
මන්ද, ලෝකයෙහි තිබෙන සියල්ල, එනම්, කාමරාගයත්, මාංසික තෘෂ්ණාවත්, අහංකාරකමත් ඇතිවන්නේ පියාණන් වහන්සේගෙන් නොව ලෝකයෙන් ය.

රෝම 12:1
සහෝදරයෙනි, දෙවියන් වහන්සේ ඉමහත් දයාවක් පෙන් වූ බැවින්, ඔබගේ ශරීර දෙවියන් වහන්සේට කැප කළ, උන් වහන්සේට ප්‍රසන්න වූ ජීවමාන යාගයක් කොට ඔප්පු කරන මෙන් ඔබගෙන් උදක් ම ඉල්ලමි. සැබෑ බුද්ධිමය නමස්කාරය එය වේ.

හිතෝපදේශ 31:25
ගෞරවයෙන් හා ශක්තියෙන් ඈ සමලංකෘත වී සිටියි. අනාගතය ගැන ඈට බිය සැක නැත.

1 තිමෝති 4:8
මන්ද, ශාරීරික ව්‍යායාමයෙන් ලැබෙන්නේ මඳ ප්‍රයෝජනයකි. එහෙත් දේව භක්තික ව්‍යායාම හැම අතින් ම ප්‍රයෝජනවත් වේ. කුමක් හෙයින් ද යත්, එය මෙලොව ජීවිතයටත් මතු ජීවිතයටත් බලාපොරොත්තු ඇති කරන හෙයිනි.

පිලිප්පි 2:5
ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා!

1 පේදුරු 3:4
එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නඟින කාරුණික තැන්පත් ගතිපැවතුම් මඟිනි. ඒ අලංකාර ය; දිරා නොයන සුලු ය; දෙවියන් වහන්සේ ඉදිරියේ ඉතා අගනේ ය.

1 තිමෝති 2:10
ඔවුන්ගේ ආභරණය විය යුත්තේ භක්තිමත් ස්ත්‍රීන්ට ඔබින යහපත් ක්‍රියා කිරීම ය.

Sinhala Bible NRSV
Ceylon Bible Society