A A A A A

දෙවියන් වහන්සේ: [I Will Never Leave You]


1 වංශාවලියේ 28:20
David also said to Solomon his son, "Be strong and courageous, and do the work. Do not be afraid or discouraged, for the LORD God, my God, is with you. He will not fail you or forsake you until all the work for the service of the temple of the LORD is finished.

1 කොරින්ති 10:13
පොදුවේ හැම මිනිසෙකුට ම මූණ පාන්නට ඇති පරීක්ෂා හැර අනෙකක් ඔබ වෙත පැමිණ නැත. ඔබට දරාගත නොහැකි පරීක්ෂා ඔබ පිට පැමිණීමට ඉඩ නොහැර, ඔබට පරීක්ෂා දැරිය හැකි වන සේ ඒ සමඟ ම ගැළවීමේ මඟක් ඔබට සලසා දෙන දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකි ය.

1 රාජාවලියේ 8:57
අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපේ පියවරුන් සමඟ වැඩ සිටි ලෙස ම අප සමඟත් වැඩ සිටින සේක් වා! උන් වහන්සේ අප අත් නොහරින සේක් වා! අප බැහැර නොදමන සේක් වා!

1 පේදුරු 5:7
උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න.

2 තිමෝති 1:7
දෙවියන් වහන්සේ අපට දුන්නේ, බයාදු ගතිය නොව, බලසම්පන්න, ප්‍රේමාන්විත, හික්මුණු ආත්මානුභාවය ය.

ද්විතීය නීති සංග්‍රහය 4:31
උන් වහන්සේ දයාවන්ත දෙවි කෙනෙකු බැවින්, ඔබ අත් නොහරින සේක; ඔබ නොවනසන සේක; උන් වහන්සේ ඔබේ පියවරුන් හට දිවුරා පොරොන්දු වූ ගිවිසුම අමතක නොකරන සේක.

ද්විතීය නීති සංග්‍රහය 31:6-8
[6] ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න; බිය නොවී, තැති නොගෙන ඉන්න; ඔබ සමඟ යන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක.”[7] ඉන්පසු මෝසෙස් ජෝෂුවා කැඳවා මුළු ඉශ්රායෙල් ජනතාව බලා සිටිය දී ඔහුට කතා කොට, “ශක්තිමත් ව ධෛර්ය සම්පන්න ව සිටින්න. සමිඳාණන් වහන්සේ ඔබේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට මේ සෙනඟ සමඟ ඔබ යා යුතු ය. ඔබ ඔවුන්ට එරට උරුම කර දිය යුතු ය.[8] ඔබට පෙරටුවෙන් යන්නේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක. ඔබ අතරමං නොකරන සේක. ඔබ අත් නොහරින සේක. බිය නොවන්න; නොකැළඹෙන්නැ”යි කීවේ ය.

උත්පත්ති 28:15
මෙන්න, මම ද නුඹ සමඟ සිටිමි. නුඹ යන සියලු තැන්හි මම නුඹ රැක බලාගෙන මෙම දේශයට ම නුඹ නැවත ගෙනෙන්නෙමි. මන්ද, මා නුඹට කී දේ ඉටු කරන තුරු මම නුඹ අත් නොහරින්නෙමි”යි වදාළ සේක.

හෙබ්‍රෙව් 4:16
එබැවින් අපේ අවශ්‍යතාවන්හි දී අපේ සරණ සඳහා දයානුකම්පාව ලබන පිණිස බිය සැක නැති ව කරුණාවේ සිංහාසනය වෙත ළඟා වෙමු.

හෙබ්‍රෙව් 13:4-6
[4] විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.[5] ලත් පමණින් සතුටු වන්න, වස්තු තණ්හාවෙන් තොර ව ඉන්න. මන්ද, “මම කිසි සේත් නුඹෙන් අහක් ව නොයමි; කිසි අයුරකින් නුඹ අත් නොහරිමි”යි දෙවියන් වහන්සේ ම වදාරා තිබේ.[6] මෙසේ: “සමිඳාණන් වහන්සේ මාගේ සරණය ය, මම බිය නොවන්නෙමි. මිනිසා මට කුමක් කරයි ද?” කියා ධෛර්ය සම්පන්න ව කීමට අපට පිළිවන.

ජෝෂු 1:5-9
[5] දිවි ඇති තාක් නුඹලාට විරුද්ධ ව කිසිවෙකුට නැඟී සිටින්නට නොහැකි වන්නේ ය. මම මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින්නෙමි. මම නුඹ කෙරෙන් අහක් ව යන්නේ වත්, නුඹ අත්හරින්නේ වත් නැත.[6] ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. මන්ද, මේ සෙනඟට දෙන හැටියට මා ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුම කොට දෙන්නෙහි ය.[7] මාගේ සේවක වූ මෝසෙස් අණ කළ සියලු නීති අනුව ක්‍රියා කිරීමට බලාගන්නා ලෙස ශක්තිමත් ව ද ධෛර්යවත් ව ද සිටින්න. නුඹ යන යන සෑම තැන දී ම නුඹට ශුභසිද්ධ වන පිණිස එම නීතිය අකුරට ම පිළිපදින්න.[8] මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.[9] ශක්තිමත් ව, ධෛර්යවත් ව සිටීමට ද බිය නොවීමට ද නොකැළඹීමට ද මා නුඹට අණ කළා නොවේ ද? මන්ද, නුඹ යන සෑම තැනක ම නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ නුඹ සමඟ වැඩසිටින සේක.”

මීකා 7:8
මාගේ සතුරෙනි, මාගේ වැටීම ගැන ප්‍රීති නොවන්න. මම වැටී සිටින නමුත් නැවත නැඟිටින්නෙමි. මා දැන් අඳුරෙහි සිටින නමුත් සමිඳාණන් වහන්සේ මාගේ ආලෝකය වන සේක.

ශුද්ධවර මතෙව් 28:20
මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.

ගීතාවලිය 55:22
ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.

ගීතාවලිය 94:14
සමිඳාණෝ සිය සෙනඟ ඉවත නොලන සේක; තෝරාගත් සිය සෙනඟ අත් නොහරින සේක.

එළිදරව්ව 3:10
ඉවසීමෙන් සිටින්නැ යි මා කළ නියමය ඔබ රක්ෂා කළ බැවින්, ලෝකවාසීන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිට පැමිණෙන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන් මමත් ඔබ ආරක්ෂා කරන්නෙමි.

රෝම 8:28
තවද දෙවියන් වහන්සේගේ අදහස ලෙස කැඳවනු ලැබූවන්ට, එනම්, උන් වහන්සේට ප්‍රේම කරන අයට, සියල්ලෙහි දී ම උන් වහන්සේ ඔවුන්ගේ යහපත පිණිස ක්‍රියා කරන බව අපි දනිමු.

පිලිප්පි 4:6-7
[6] ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.[7] එවිට සියලු නැණනුවණ ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සාමදානය, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේ ය.

ගීතාවලිය 73:23-26
[23] එහෙත්, නිරතුරු මම ඔබ සමඟ සිටියෙමි. ඔබ මා දකුණතින් අල්ලාගත් සේක.[24] ඔබේ උවදෙසින් ඔබ මට මඟපෙන්වන සේක. පසු ව ඔබ මට ගරු සම්මාන දී මා පිළිගන්න සේක.[25] ඔබ හැර සුරලොව මට සිටින්නේ කවරෙක් ද? ඔබ ඇති විට නරලොව කිසිවෙකුට මම ලොල් නොකරමි.[26] මාගේ ගත සිත කෙමෙන් වැහැරෙයි; එහෙත්, දෙවිඳාණෝ මාගේ ශක්තිය ද උරුමය ද වන සේක.

යෙසායා 41:10-13
[10] බිය නොවන්න; මම නුඹ සමඟ ය. මා නුඹේ දෙවිඳාණන් වන බැවින් තැති නොගෙන සිටින්න. මම නුඹ ශක්තිමත් කර නුඹට උපකාර කරන්නෙමි. මාගේ ජය හස්තයෙන් නුඹ ආරක්ෂා කර නුඹ ගළවන්නෙමි.[11] “නුඹ සමඟ වෛර ව සිටි සියල්ලෝ ලජ්ජා වී වියවුල් වන්නෝ ය. නුඹට විරුද්ධ වන්නෝ නැති නාස්ති වී විනාශ වන්නෝ ය.[12] නුඹ සමඟ විවාදයට එළඹෙන මනුෂ්‍යයෙකු නුඹ සොයන නමුත්, ඔවුන් හමු වන්නේ නැත. නුඹ සමඟ යුද්ධ කරන්නෝ විනාශ වී පොළොවෙන් අතුරුදහන් වන්නෝ ය.[13] මම නුඹේ දෙවිඳාණෝ ය, ‘බිය නොවන්න, නුඹට පිහිට වන්නෙමි’යි කියමින් මම නුඹ ශක්තිමත් කරන්නෙමි.”

Sinhala Bible NRSV
Ceylon Bible Society