ගලාති 6:4 |
එකිනෙකා තම තමාගේ කල්ක්‍රියාව තමා විසින් ම සෝදිසි කර බැලිය යුතු ය. එය යහපත් නම්, එය තමා ම අත් කරගත් දෙයක් බැවින්, අනුන්ගේ කල්ක්රියාවට සමාන නොකොට, තමාට ම ඒ ගැන පාරට්ටු විය හැකි ය. |
|
යෙසායා 2:12 |
ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක; |
|
යෙසායා 23:9 |
ඔවුන් කළ දේ නිසා ඔවුන්ගේ අහංකාරය නැත්තටම නැති කරන පිණිසත්, ගරුබුහුමන් ලත් සෙනඟ නින්දාවට පමුණුවන පිණිසත් මෙසේ යෝජනා කෙළේ සව් බලැති සමිඳාණෝ ය. |
|
ජාකොබ් 4:6 |
එහෙත් උන් වහන්සේගෙන් එන වරප්‍රසාදය එයටත් වඩා බලවත් ය. එබැවින්: “දෙවියන් වහන්සේ උඩඟු වූවන්ට විරුද්ධ වී, යටහත් පහත් අයට කරුණාව දෙන සේකැ”යි ශුද්ධ ලියවිල්ල පවසයි. |
|
ජාකොබ් 4:10 |
සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි යටහත් පහත් වන්න. එවිට උන් වහන්සේ ඔබ උසස් කරන සේක. |
|
ජෙරමියා 9:23 |
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නැණවතා තමාගේ නුවණ ගැන වත්, බලවතා තමාගේ බලය ගැන වත්, ධනවතා තමාගේ ධනය ගැන වත් පාරට්ටු කර නොගනී වා! |
|
ශුද්ධවර මතෙව් 2:3 |
එපවත් ඇසූ හෙරොද් රජ ද මුළු ජෙරුසලම් ජනතාව ද කැළඹුණාහ. |
|
හිතෝපදේශ 8:13 |
දේව ගරුබිය පෑම නපුරට ද්වේෂ කිරීම ය. මම උඩඟුකමට ද අහංකාරකමට ද නපුරු කල්ක්රියාවට ද මුසාවාදයට ද තදින් වෛර කරමි. |
|
හිතෝපදේශ 11:2 |
අහංකාරය සමඟ නින්දාව එයි; එහෙත් යටහතුන් වෙත ප්‍රඥාව ඇත. |
|
හිතෝපදේශ 13:10 |
උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත. |
|
හිතෝපදේශ 16:5 |
උඩඟු සිත් ඇති අය සමිඳුන්ට පිළිකුලකි. ඔවුන්ට දඬුවම සිකුරු ය. |
|
හිතෝපදේශ 16:18-19 |
[18] විපතට පෙරටුවෙන් අහංකාරය ද වැටීමට පෙරටුවෙන් උඩඟුව ද යයි.[19] උඩඟු අය සමඟ කොල්ලය බෙදාගැනීමට වඩා, යටහත් සිතින් දිළිඳුන් ඇසුරු කිරීම යහපත. |
|
හිතෝපදේශ 18:12 |
විනාශයට පෙරටුවෙන් උඩඟුකම ඇත; ගෞරවයට පෙරටුවෙන් යටහත්කම ඇත. |
|
හිතෝපදේශ 21:4 |
උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ. |
|
හිතෝපදේශ 21:24 |
ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි. ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි. |
|
හිතෝපදේශ 25:27 |
මී පැණි ගොඩක් බීම හොඳ නැත; තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත. |
|
හිතෝපදේශ 26:12 |
මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය. |
|
හිතෝපදේශ 27:2 |
අන්‍යයෝ ඔබට ප්‍රශංසා කරත් වා; අමුත්තෝ වුව ද ඔබට ප්‍රශංසා කරත් වා, එහෙත් ඔබ ඔබට ම ප්‍රශංසා කර නොගන්න. |
|
හිතෝපදේශ 29:23 |
අහංකාරය මිනිසෙකුගේ පරිහානියට හේතු වේ; එහෙත් නිහතමානී තැනැත්තා ගරු බුහුමන් ලබයි. |
|
ගීතාවලිය 10:4 |
දුදනා උඩඟුකම නිසා දෙවිඳුන් සොයා නොයයි. ‘දෙවි කෙනෙක් ලොවේ නැත’ යනු ඔහුගේ නිගමනය යි. |
|
ගීතාවලිය 138:6 |
සමිඳාණෝ උසස් නමුත්, පහත් අය සලකන සේක. එහෙත්, උඩඟු අය දුර සිට ම හැඳිනගන්න සේක. |
|
රෝම 12:3 |
ඔබ එකිනෙකා පමණට වඩා තමන් ගැන ඉහළින් නොසිතන ලෙසත්, දෙවියන් වහන්සේ එකිනෙකාට ප්රදානය කළ ඇදහිල්ලේ ප්‍රමාණයට තැන්පත් සිතින් සිතන ලෙසත්, මට දී ඇති දේව වරප්‍රසාදය අනුව ඔබ එකිනෙකාට කියමි. |
|
රෝම 12:16 |
හැම දෙනා සමඟ එක් සිත් ව ඉන්න, අහංකාර නොවී, යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්ත යයි සිතා උඩඟු නොවන්න. |
|
1 කොරින්ති 13:4 |
ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත; |
|
දානියෙල් 5:20 |
එහෙත්, ඔහුගේ සිත අහංකාරයෙන් ද අභිමානයෙන් ද දැඩි වූ විට ඔහු රාජ්‍යාසනයෙන් පහ කරනු ලැබී ය. ඔහුගේ මහිමය ද ඔහුගෙන් පහ කරනු ලැබී ය. |
|
ගලාති 6:1-3 |
[1] සහෝදරයෙනි, මිනිසෙකු යම් වරදක් කරද්දී අසු වුණොත් ශුද්ධාත්ම දායාදය ඇති ඔබ මෘදුකමින් ඔහු යහමඟට හරවාගත යුතු ය. ඔබ ද පරීක්ෂාවට නොවැටෙන පිණිස ප්‍රවේසම් වන්න.[2] එකිනෙකාගේ බර උසුලා, එසේ ක්‍රිස්තුන් වහන්සේගේ ආඥාව පිළිපදින්න.[3] කිසි වැදගැම්මකට නැති කෙනෙක් තමා වැදගත් කෙනෙක් යයි සිතන්නේ නම්, ඔහු තමා ම රවටා ගනියි. |
|
Sinhala Bible NRSV |
Ceylon Bible Society |