A A A A A
Facebook Instagram Twitter
Sinhala Bible SROV

ශුද්ධවර මතෙව් 1



1
ආබ්‍රහම්ගේ පුත්‍රයා වන දාවිත්ගේ පුත්‍රවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පරම්පරාවේ පොතය.
2
ආබ්‍රහම්ට දාව ඊසාක් උපන්නේය; ඊසාක්ට දාව යාකොබ් උපන්නේය; යාකොබ්ට දාව යූදාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
3
යුදාට දාව තාමාර්ගෙන් පෙරෙශ්ද ශෙරාද උපන්නෝය; පෙරෙශ්ට දාව හෙශ්‍රොන් උපන්නේය; හෙශ්‍රොන්ට දාව රාම් උපන්නේය;
4
රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය;
5
සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය;
6
යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;
7
සාලමොන්ට දාව රොහොබොවම් උපන්නේය; රොහොබොවම්ට දාව අබියා උපන්නේය; අබියාට දාව ආසා උපන්නේය;
8
ආසාට දාව යෙහෝෂාපාත් උපන්නේය; යෙහෝෂාපාත්ට දාව යෝරාම් උපන්නේය; යෝරාම්ට දාව උස්සියා උපන්නේය;
9
උස්සියාට දාව යෝතාම් උපන්නේය; යෝතාම්ට දාව ආහාස් උපන්නේය;
10
ආහාස්ට දාව හෙසකියා උපන්නේය; හෙසකියාට දාව මනස්සේ උපන්නේය; මනස්සේට දාව ආමොන් උපන්නේය; ආමොන්ට දාව යොෂියා උපන්නේය;
11
බබිලෝනියට ගෙනයාමේ කාලයෙහිදී, යොෂියාට දාව යෙකොනියාද ඔහුගේ සහෝදරයෝද උපන්නෝය.
12
බබිලෝනියට ගෙනයාමට පසු, යෙකොනියාට දාව ෂෙයල්තියෙල් උපන්නේය; ෂෙයල්තියෙල්ට දාව සෙරුබාබෙල් උපන්නේය;
13
සෙරුබාබෙල්ට දාව අබියූද් උපන්නේය; අබියූද්ට දාව එලියාකීම් උපන්නේය; එලියාකීම්ට දාව ආශොර් උපන්නේය;
14
ආශොර්ට දාව සාදොක් උපන්නේය; සාදොක්ට දාව ආකීම් උපන්නේය; ආකීම්ට දාව එලියූද් උපන්නේය;
15
එලියූද්ට දාව එලෙයාසර් උපන්නේය; එලෙයාසර්ට දාව මත්තාන් උපන්නේය; මත්තාන්ට දාව යාකොබ් උපන්නේය;
16
යාකොබ්ට දාව මරියාගේ පුරුෂයාවූ යෝසෙප් උපන්නේය; මරියාගෙන් ක්‍රිස්තුස් නම්වූ යේසුස්වහන්සේ උපන්සේක.
17
මෙසේ ආබ්‍රහම් පටන් දාවිත් දක්වා සියලු පරම්පරා දසසතරක්ය; දාවිත් පටන් බබිලෝනියට ගෙනයාම දක්වා පරම්පරා දසසතරක්ය; බබිලෝනියට ගෙනයාමේ පටන් ක්‍රිස්තුස්වහන්සේ දක්වා පරම්පරා දසසතරක්ය.
18
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උත්පත්තිය මෙසේ විය. උන්වහන්සේගේ මවුවූ මරියා යෝසෙප්ට විවාහබස් දී සිටියදී, ඔවුන් එක්වෙන්ට පළමුවෙන්, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ඈ ගර්භිණීවූ බව දැනගන්නාලදී.
19
ධර්මිෂ්ඨයෙක්ව සිටි ඇගේ පුරුෂයාවූ යෝසෙප් ඈ නින්දාවට පමුණුවන්ට නොකැමතිව, රහසින් ඈ අත්හරින්ට සිතුවේය.
20
නුමුත් ඔහු මේ කාරණා කල්පනාකරමින් සිටියදී, බලව, ස්වාමීන්වහන්සේගේ දූතයෙක් ස්වප්නයකින් ඔහුට පෙනී: දාවිත්ගේ පුත්‍රවූ යෝසෙප්, ඔබේ භාර්යාවවූ මරියා පාවාගන්ට භය නොවන්න. මක්නිසාද ඈ තුළ පිළිසිඳුණාවූ යමක් ඇද්ද එය ශුද්ධාත්මයාණන් කරණකොටගෙනය.
21
ඈ පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට යේසුස් යන නාමය තබන්න; මක්නිසාද තමන්ගේ සෙනඟ ඔවුන්ගේ පාපවලින් ගළවන්නේ උන්වහන්සේයයි කීවේය.
22
මේ සියල්ල සිද්ධවූයේ- බලව, කන්‍යාව ගර්භිණීව පුත්‍රයෙකු බිහිකරන්නීය; උන්වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනවා ඇත. කියා
23
ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘ ලවා කියෙවු කීම සම්පූර්ණවන පිණිසය. ඒ නාමයේ අර්ථය නම් දෙවියන්වහන්සේ අප සමඟය යනුයි.
24
එවිට යෝසෙප් නින්දෙන් පිබිද, ස්වාමීන්වහන්සේගේ දූතයා ඔහුට අණකළ ලෙස කරනුයේ, තමාගේ භාර්යාව පාවාගත්තේය;
25
නුමුත් ඈ පුත්‍රයෙකු බිහිකරන තුරු ඔහු ඈ නොහැඳින්නේය. ඔහු උන්වහන්සේට යේසුස් යන නාමය තැබීය.











ශුද්ධවර මතෙව් 1:1
ශුද්ධවර මතෙව් 1:2
ශුද්ධවර මතෙව් 1:3
ශුද්ධවර මතෙව් 1:4
ශුද්ධවර මතෙව් 1:5
ශුද්ධවර මතෙව් 1:6
ශුද්ධවර මතෙව් 1:7
ශුද්ධවර මතෙව් 1:8
ශුද්ධවර මතෙව් 1:9
ශුද්ධවර මතෙව් 1:10
ශුද්ධවර මතෙව් 1:11
ශුද්ධවර මතෙව් 1:12
ශුද්ධවර මතෙව් 1:13
ශුද්ධවර මතෙව් 1:14
ශුද්ධවර මතෙව් 1:15
ශුද්ධවර මතෙව් 1:16
ශුද්ධවර මතෙව් 1:17
ශුද්ධවර මතෙව් 1:18
ශුද්ධවර මතෙව් 1:19
ශුද්ධවර මතෙව් 1:20
ශුද්ධවර මතෙව් 1:21
ශුද්ධවර මතෙව් 1:22
ශුද්ධවර මතෙව් 1:23
ශුද්ධවර මතෙව් 1:24
ශුද්ධවර මතෙව් 1:25






ශුද්ධවර මතෙව් 1 / ශුම 1
ශුද්ධවර මතෙව් 2 / ශුම 2
ශුද්ධවර මතෙව් 3 / ශුම 3
ශුද්ධවර මතෙව් 4 / ශුම 4
ශුද්ධවර මතෙව් 5 / ශුම 5
ශුද්ධවර මතෙව් 6 / ශුම 6
ශුද්ධවර මතෙව් 7 / ශුම 7
ශුද්ධවර මතෙව් 8 / ශුම 8
ශුද්ධවර මතෙව් 9 / ශුම 9
ශුද්ධවර මතෙව් 10 / ශුම 10
ශුද්ධවර මතෙව් 11 / ශුම 11
ශුද්ධවර මතෙව් 12 / ශුම 12
ශුද්ධවර මතෙව් 13 / ශුම 13
ශුද්ධවර මතෙව් 14 / ශුම 14
ශුද්ධවර මතෙව් 15 / ශුම 15
ශුද්ධවර මතෙව් 16 / ශුම 16
ශුද්ධවර මතෙව් 17 / ශුම 17
ශුද්ධවර මතෙව් 18 / ශුම 18
ශුද්ධවර මතෙව් 19 / ශුම 19
ශුද්ධවර මතෙව් 20 / ශුම 20
ශුද්ධවර මතෙව් 21 / ශුම 21
ශුද්ධවර මතෙව් 22 / ශුම 22
ශුද්ධවර මතෙව් 23 / ශුම 23
ශුද්ධවර මතෙව් 24 / ශුම 24
ශුද්ධවර මතෙව් 25 / ශුම 25
ශුද්ධවර මතෙව් 26 / ශුම 26
ශුද්ධවර මතෙව් 27 / ශුම 27
ශුද්ධවර මතෙව් 28 / ශුම 28