A A A A A
Facebook Instagram Twitter
Sinhala Bible SROV

හිතෝපදේශ 3



1
මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, ඔබේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.
2
මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතයේ අවුරුදුද සමාදානයද ඔබට වැඩිවන්නේය.
3
කරුණාව සහ සත්‍යවාදිකම ඔබෙන් පහ නොවේවා. ඒවා ඔබේ ගෙල වටේ බැඳගන්න; ඔබේ සිත නමැති පුවරුවේ ඒවා ලියාගන්න.
4
එවිට ඔබ දෙවියන්වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුයෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත.
5
ඔබේම නුවණෙහි නොපිහිටා, ඔබේ මුළු සිතින් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්න
6
ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලාකරනවා ඇත.
7
ඔබ ඥානවන්තයෙකැයි සිතා නොගන්න; ස්වාමීන්වහන්සේ කෙරෙහි භයව නපුරෙන් දුරුවෙන්න.
8
ඒක ඔබේ නහරවලට සනීපයද ඔබේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය.
9
ඔබේ සම්පතින්ද ඔබේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමීන්වහන්සේ ට ගෞරව කරන්න.
10
එවිට ඔබේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය, ඔබේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රිකපානයෙන් ඉතිරෙන්නේය.
11
මාගේ පුත්‍රය, ස්වාමීන්වහන්සේ ගේ තරවටුකිරීම සුළුකොට නොසිතන්න; උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න.
12
මක්නිසාද පියෙකු ප්‍රිය පුත්‍රයාට දඬුවම්කරන්නාක්මෙන් ස්වාමීන්වහන්සේ තමන් ප්‍රේමකරන අයට දඬුවම්කරනසේක.
13
ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.
14
මක්නිසාද එහි ප්‍රයෝජනය රිදීවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රනටත් වඩා හොඳය.
15
ඈ රතුකැටවලට වඩා අනර්ඝය. ඔබේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.
16
ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.
17
ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය.
18
ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.
19
ස්වාමීන්වහන්සේ ප්‍රඥාව කරණකොටගෙන පොළොවේ අත්තිවාරම් තැබූසේක; ඥානය කරණකොටගෙන අහස පිහිටෙවුසේක.
20
උන්වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය, වලාකුල්වලින්ද පිනි වෑස්සෙන්නේය.
21
මාගේ පුත්‍රය, ඒවා ඔබේ ඇස්වලින් පහ නොවේවා; සාරවූ ඥානයද සිහියද තබාගන්න;
22
එවිට ඒවා ඔබේ ආත්මයට ජීවනයත් ඔබේ ගෙලට අලංකාරයත් වන්නේය.
23
එවිට ඔබේ පය නොපැකිල, ඔබ සුවසේ ඔබේ මාර්ගයෙහි යන්නෙහිය.
24
ඔබ සැතපෙන කල භය නොවන්නෙහිය. එසේය, ඔබ සැතපුණාම ඔබේ නින්ද මිහිරිවන්නේය.
25
හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
26
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ විශ්වාස භූමියව, ඔබේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
27
කරුණාව පෙන්වන්ට ඔබේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.
28
ඔබ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි ඔබේ අසල්වාසියාට නොකියන්න.
29
ඔබේ අසල්වාසියා ඔබ සමීපයෙහි නිසැකව වාසයකරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදන්න.
30
මනුෂ්‍යයෙක් ඔබට අනදරයක් නොකර සිටිද්දී නිකරුණේ ඔහු සමඟ පොරට නොයන්න.
31
බලහත්කාරකම්කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න, ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න.
32
මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
33
ස්වාමීන්වහන්සේ ගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ; නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවාසයට උන්වහන්සේ ආශීර්වාදකරනසේක.
34
නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක.
35
ඥානවන්තයන්ට ගෞරවය උරුමවේ; නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලජ්ජාවය.











හිතෝපදේශ 3:1

හිතෝපදේශ 3:2

හිතෝපදේශ 3:3

හිතෝපදේශ 3:4

හිතෝපදේශ 3:5

හිතෝපදේශ 3:6

හිතෝපදේශ 3:7

හිතෝපදේශ 3:8

හිතෝපදේශ 3:9

හිතෝපදේශ 3:10

හිතෝපදේශ 3:11

හිතෝපදේශ 3:12

හිතෝපදේශ 3:13

හිතෝපදේශ 3:14

හිතෝපදේශ 3:15

හිතෝපදේශ 3:16

හිතෝපදේශ 3:17

හිතෝපදේශ 3:18

හිතෝපදේශ 3:19

හිතෝපදේශ 3:20

හිතෝපදේශ 3:21

හිතෝපදේශ 3:22

හිතෝපදේශ 3:23

හිතෝපදේශ 3:24

හිතෝපදේශ 3:25

හිතෝපදේශ 3:26

හිතෝපදේශ 3:27

හිතෝපදේශ 3:28

හිතෝපදේශ 3:29

හිතෝපදේශ 3:30

හිතෝපදේශ 3:31

හිතෝපදේශ 3:32

හිතෝපදේශ 3:33

හිතෝපදේශ 3:34

හිතෝපදේශ 3:35







හිතෝපදේශ 1 / හිතෝ 1

හිතෝපදේශ 2 / හිතෝ 2

හිතෝපදේශ 3 / හිතෝ 3

හිතෝපදේශ 4 / හිතෝ 4

හිතෝපදේශ 5 / හිතෝ 5

හිතෝපදේශ 6 / හිතෝ 6

හිතෝපදේශ 7 / හිතෝ 7

හිතෝපදේශ 8 / හිතෝ 8

හිතෝපදේශ 9 / හිතෝ 9

හිතෝපදේශ 10 / හිතෝ 10

හිතෝපදේශ 11 / හිතෝ 11

හිතෝපදේශ 12 / හිතෝ 12

හිතෝපදේශ 13 / හිතෝ 13

හිතෝපදේශ 14 / හිතෝ 14

හිතෝපදේශ 15 / හිතෝ 15

හිතෝපදේශ 16 / හිතෝ 16

හිතෝපදේශ 17 / හිතෝ 17

හිතෝපදේශ 18 / හිතෝ 18

හිතෝපදේශ 19 / හිතෝ 19

හිතෝපදේශ 20 / හිතෝ 20

හිතෝපදේශ 21 / හිතෝ 21

හිතෝපදේශ 22 / හිතෝ 22

හිතෝපදේශ 23 / හිතෝ 23

හිතෝපදේශ 24 / හිතෝ 24

හිතෝපදේශ 25 / හිතෝ 25

හිතෝපදේශ 26 / හිතෝ 26

හිතෝපදේශ 27 / හිතෝ 27

හිතෝපදේශ 28 / හිතෝ 28

හිතෝපදේශ 29 / හිතෝ 29

හිතෝපදේශ 30 / හිතෝ 30

හිතෝපදේශ 31 / හිතෝ 31