A A A A A
Error:
BookNum: 24 Chapter: 22 VerseStart: 30 VerseShouldHave: 29
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 18

ජෙරමියා 21:1-14
1. ශෙදෙකියා රජු විසින් මල්කියාගේ පුත්‍රවූ පෂ්හූර් සහ පූජකයාවූ මයසේයාගේ පුත්‍රවූ ශෙපනියාද යෙරෙමියා ළඟට යැවූ කල ස්වාමීන්වහන්සේ ගෙන් ඔහු වෙතට පැමුණුණු වචනයය.
2. ඔව්හු කථාකොට: අනේ, අප උදෙසා ස්වාමීන්වහන්සේ ගෙන් විභාගකරන්න; මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අපට විරුද්ධව යුද්ධ කරන්නේය. සමහරවිට ඔහු අප වෙතින් අහක්ව යන හැටියට ස්වාමීන්වහන්සේ ස්වකීය සියලුම පුදුම ක්‍රියා ප්‍රකාරයට අප ගැන ක්‍රියාකරනවා ඇතැයි කීවෝය.
3. එවිට යෙරෙමියා ඔවුන්ට කථාකොට: ඔබ සැම ශෙදෙකියාට මෙසේ කියන්නැයි කීය.
4. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පවුරට පිටතින් ඔබ සැම වටලාගන සිටින බබිලෝනියේ රජුටත් කල්දිවරුන්ටත් විරුද්ධව යුද්ධකිරීමට ගන්නාවූ ඔබ සැමගේ අත්වල තිබෙන යුද්ධායුධ මම පස්සට හරවා, මේ නුවර මැදට ඔවුන් රැස්කරන්නෙමි.
5. මමම දිගුකළ අතකින් හා බලවත් හස්තයකින්ද උදහසකින්ද කෝපයෙන්ද තද අමනාපයෙන්ද ඔබ සැමට විරුද්ධව යුද්ධකොට,
6. මේ නුවර වැසියන්ට, මනුෂ්‍යයන්ටත් මෘගයන්ටත්, පහරදෙන්නෙමි. ඔවුන් මහත් වසංගතයකින් මැරෙනවා ඇත.
7. ඉන්පසු මම යූදාහි රජවූ ශෙදෙකියාද, ඔහුගේ සේවකයන්ද, සෙනඟද, එනම් වසංගතයෙනුත් කඩුවෙනුත් සාගතයෙනුත් මේ නුවර ඉතුරු වෙන්නන්, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් පාවාදෙන්නෙමි. ඔහුද ඔවුන්ට කරුණා නොකොට, අනුකම්පාකරන්නේවත් දයාවෙන්නේවත් නැතුව, ඔවුන්ට කඩුමුවහතින් පහර දෙන්නේය කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.
8. තවද මේ සෙනඟට ඔබ මෙසේ කියන්න: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක-මෙන්න, ජීවත්වීමේ මාර්ගයත් මරණයේ මාර්ගයත් ඔබ සැම ඉදිරියෙහි තබමි.
9. මේ නුවර නවතින්නා කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේය. පිටතට ගොස් ඔබ සැම වටලාගෙන සිටින කල්දිවරුන්ට එකතුවෙන්නා ජීවත්වන්නේය. ඔහුගේ ප්‍රාණයද කොල්ලයක් මෙන් ඔහුට ලැබෙනවා ඇත.
10. මා විසින් ශුභය පිණිස නොව විපත්තිය පිණිස මාගේ මුහුණ මේ නුවර කෙරෙහි යොමා තිබේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. එය බබිලෝනියේ රජු අතට පාවාදෙනු ලබන්නේය, ඔහු එය ගින්නෙන් දවා දමන්නේය.
11. තවද යූදාහි රජුගේ වංශය ගැන ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න;
12. එම්බා දාවිත්ගේ වංශය, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැමගේ ක්‍රියාවල නපුරුකම නිසා මාගේ කෝපය ගින්න මෙන් විහිදී ගොස් කිසිවෙකුට නිවන්ට බැරි ප්‍රකාර නොඇවිළෙන පිණිස, කඩිනමින්ම විනිශ්චය පවත්වා, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න.
13. අපට විරුද්ධව බැසඑන්නේ කවුද කියාත් අපේ වාසස්ථානවලට ඇතුල්වෙන්නේ කවුද කියාත් කියන්නාවූ, මිටියාවතෙහිද තලාවේ පර්වතයෙහිද වාසයකරන්නිය, මම ඔබට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
14. මම ඔබ සැමගේ ක්‍රියාවල ඵල ලෙස ඔබ සැමට දඬුවම් කරන්නෙමි. මම ඇගේ කැලෑවෙහි ගින්නක් අවුළුවන්නෙමි, එයින් ඈ වටකර තිබෙන සියලු තැන් දාලා යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ජෙරමියා 22:1-30
1. ස්වාමීන්වහන්සේ මෙසේ කීසේක: ඔබ යූදාහි රජුගේ ගෙට බැස ගොස් එහිදී මේ වචනය කියන්න.
2. දාවිත්ගේ සිංහාසනයෙහි හිඳින යූදා රජ්ජුරුවෙනි, ඔබ සහ ඔබේ සේවකයෝද මේ දොරටුවලින් ඇතුල්වන ඔබේ සෙනඟද ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න.
3. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ සැම යුක්තියද ධර්මිෂ්ඨකමද කර, කොල්ලකනු ලැබූ අය පීඩාකාරයාගේ අතින් නිදහස්කරන්න. විදේශියාටත් පියා නැත්තාටත් වැන්දඹුවටත් අයුත්තක්වත් බලාත්කාරයක්වත් මේ ස්ථානයෙහි නිදොස් වැගිරීමක්වත් නොකරල්ලා.
4. ඔබ සැම මේ දේ සැබවින්ම කළොත්, දාවිත් වෙනුවට ඔහුගේ සිංහාසනයෙහි හිඳින්නාවූ, රථවල සහ අශ්වයන් පිට නැගීයන්නාවූ රජවරු සහ ඔවුන්ගේ සේවකයෝද ඔවුන්ගේ සෙනඟද මේ ගෘහයේ දොරටුවලින් ඇතුල්වන්නෝය.
5. නුමුත් ඔබ සැම මේ වචන නෑසුවොත්, මේ ගෘහය පාළුවක් වන්නේය කියා මම මා ගැනම දිවුරමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
6. මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔබ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම ඔබ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.
7. මම ඔබට විරුද්ධව හැමදෙනාම තම තමාගේ ආයුධ ගත් විනාශකරන්නන් වෙන්කොට තබන්නෙමි. ඔව්හු ඔබේ අනර්ඝ කිහිරි ගස් කපා ගින්නෙහි දමන්නෝය.
8. බොහෝ ජාතීහුද මේ නුවර ළඟින් යමින්: ස්වාමීන්වහන්සේ මේ මහත් නුවරට මෙසේ කළේ මක්නිසාදැයි එකිනෙකාගෙන් අසනවා ඇත.
9. එවිට ඔව්හු උත්තරදෙමින්: ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ ගිවිසුම අත්හැර අන් දෙවිවරුන්ට නමස්කාරකොට ඔවුන්ට සේවයකළ නිසායයි කියනවා ඇත.
10. මැරුණු කෙනෙකු ගැන නාඬන්න, ශෝක නොවෙන්න. අහක්ව යන්නාවූ අය ගැන තදින් අඬන්න; මක්නිසාද ඔහු තවත් හැරී නොඑන්නේය, තමා උපන් දේශයද තවත් නොදකින්නේය.
11. මක්නිසාද යොෂියාගේ පුත්‍රවූ, යූදාහි රජවූ, තමාගේ පියවූ යොෂියා වෙනුවට රජකම්කළාවූ, මේ ස්ථානයෙන් පිටත්ව ගියාවූ ෂල්ලුම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔහු මෙහි තවත් හැරී නෑවිත්,
12. ඔහු අල්ලාගෙන යනු ලැබූ ස්ථානයේදීම මැරෙන්නේය, ඔහු තවත් මේ දේශය නොදක්නේය.
13. තමාගේ ගෙය අධර්මිෂ්ඨකමින්ද තමාගේ උඩුමහල් අයුක්තියෙන්ද ගොඩනගන්නාවූ, තමාගේ අසල්වාසියාට කුලී නොදී නිකමට ඔහුගෙන් වැඩ ගන්නාවූ,
14. මම මහත් ගෙයක්ද විශාලවූ උඩුමහල්ද ගොඩනගන්නෙමියි කියමින් කවුළු කපාගන්නාවූ, කිහිරි ලීවලින් වසා සාදිලිංගම් ගාන්නාවූ අයට දුක්වේ.
15. ඔබ කිහිරි ලීවලින් උසස්වෙන්ට වීර්ය කරන බැවින් ඔබට රජකම්කරන්ට ලැබේද? ඔබේ පියා කා බී යුක්තියද ධර්මිෂ්ඨකමද කළා නොවේද? එවිට ඔහුට ශුභසිද්ධවූයේය.
16. ඔහු අසරණයාගේද දිළින්දාගේද නඩුව ඇසුවේය; එවිට ශුභසිද්ධවූයේය. මා ඇඳිනගැනීම නම් ඒක නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
17. නුමුත් ඔබේ ඇස් සහ ඔබේ සිතත් ලාභයද නිදොස් ලේ වැගිරවීමද පීඩාකිරීමද බලාත්කාරකිරීමද කෙරෙහි මිස වෙන යමක් කෙරෙහි පිහිටා නැත.
18. එබැවින් යොෂියාගේ පුත්‍රවූ යූදාහි රජවූ යෙහෝයාකීම් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහෝ මාගේ සහෝදරය! අහෝ සහෝදරිය! කියා ඔව්හු ඔහු ගැන නොවැලපෙන්නෝය. අහෝ ස්වාමිනි! අහෝ ඔහුගේ මහිමය! කියා ඔහු ගැන නොවැලපෙන්නෝය.
19. කොටළුවෙකු වළලන්නාක්මෙන් ඔහු යෙරුසලමේ දොරටුවලින් එපිටට ඇදගෙන ගොස් හෙළා වළලනු ලබනවා ඇත.
20. ඔබේ සියලුම ප්‍රේමවන්තයන් නැතිවී ගිය බැවින් ලෙබනොන්ට නැගීගොස් මොරගසන්න; ඔබේ හඬ බාෂාන්හි පවත්වා අබාරීම්හි සිට මොරගසන්න.
21. ඔබ සැපතින් සිටිද්දී ඔබට කථාකෙළෙමි; නාසන්නෙමියි ඔබ කීවෙහිය. මාගේ හඬට කීකරු නොවීම ඔබේ බාල කාලයේ පටන් ඔබේ විධියව තිබුණේය.
22. හුළඟ ඔබේ සියලු එඬේරුන් කාදමන්නේය, ඔබේ ප්‍රේමවන්තයෝද වාලට යන්නෝය. එවිට ඔබේ සියලු නපුරුකම් ගැන ඔබ ලජ්ජාවටත් නින්දාවටත් පැමිණෙන්නෙහිය.
23. අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව ඔබට පැමිණෙන විට ඔබ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?
24. යෙහෝයාකීම්ගේ පුත්‍රවූ යූදාහි රජවූ කෝනියා මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටියේවී නුමුත්, මම එතනින් ඔබ උදුරාදමන්නෙමියි කියා සහතිකකොට කියමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
25. ඔබේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් ඔබ භයවෙන අයින් අතටත්, එනම් බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතටත් කල්දිවරුන් අතටත් මම ඔබ පාවාදී,
26. ඔබද ඔබ බිහිකළ ඔබේ මවුද ඔබ සැම නූපන් අන් දේශයකට හෙළාදමන්නෙමි; එහිදී ඔබ සැම මැරෙනවා ඇත.
27. ඔවුන් හැරීඑන්ට ආශාවෙන දේශයට නම් ඔව්හු හැරී නොඑන්නෝය.
28. මේ මිනිහා, කෝනියා, නීචවූ බිඳුණු බඳුනක්ද? ඔහු අප්‍රියවූ භාජනයක්ද? ඔහු සහ ඔහුගේ වංශය අහක්කරනු ලැබ, ඔවුන් නොදන්න දේශයකට හෙළාදමනු ලබන්නේ මක්නිසාද?
29. එම්බා පොළොව, පොළොව, පොළොව, ස්වාමීන්වහන්සේ ගේ වචනය අසන්න. ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ මනුෂ්‍යයා දරුවන් නැත්තාවූ, තමාගේ දවස්වලදී සඵල නොවන්නාවූ මනුෂ්‍යයෙක්යයි ලියන්න. මක්නිසාද ඔහුගේ වංශයේ කිසිවෙක් තවත් දාවිත්ගේ සිංහාසනයේ හිඳ යූදාහි ආණ්ඩුකරමින් සඵල නොවන්නේය.
30. තරුණයෙක් තමාගේ මාර්ගය පවිත්‍ර කරගන්නේ කුමකින්ද? ඔබගේ වචනය ප්‍රකාර පැවැත්මෙනි.

ගීතාවලිය 119:9-16
9. මාගේ මුළු සිතින් ඔබ සෙවීමි. ඔබගේ ආඥාවලින් මුළාවයන්ට මට ඉඩ නුදුන මැනව.
10. ඔබට විරුද්ධව පව් නොකරන පිණිස ඔබගේ වචනය මාගේ සිතේ නිධාන කරගතිමි.
11. ස්වාමිනි, ඔබ ප්‍රශංසිතය. ඔබගේ පනත් මට ඉගැන්නුව මැනව.
12. ඔබගේ මුඛයේ සියලු විනිශ්චයන් මාගේ තොල්වලින් ප්‍රකාශකෙළෙමි.
13. සියලු සම්පතෙහි මෙන් ඔබගේ ශික්ෂා මාර්ගයෙහි ප්‍රීතිමත්වීමි.
14. ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි.
15. ඔබගේ පනත්වලට ප්‍රියවන්නෙමි. ඔබගේ වචනය සිහිනැති නොකරන්නෙමි.
16. අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.

හිතෝපදේශ 27:14-14
14. නුමුත් සහෝදරයෙනි, කාලවල්ද ප්‍රස්තාවයන්ද ගැන ඔබ සැමට යමක් ලියන්ට වුවමනා නැත.

1 තෙසලෝනික 5:1-28
1. මක්නිසාද රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙන බව ඔබ සැමම හොඳහැටි දනිහුය.
2. සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.
3. නුමුත් සහෝදරයෙනි, ඒ දවස සොරෙකු මෙන් ඔබ සැම කෙරේ පැමිණෙන්ට ඔබ සැම අන්ධකාරයෙහි සිටින්නෝ නොවෙති.
4. කුමක්හෙයින්ද ඔබ සැම සියල්ලෝ ආලෝකයේද දවාලේද පුත්‍රයෝය. අපි රාත්‍රියටවත් අන්ධකාරයටවත් අයිති නොවමුව;
5. එබැවින් වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී සිටිමු.
6. මක්නිසාද නිදාගන්නෝ රාත්‍රියෙහි නිදාගනිති; මත්වෙන්නෝ රාත්‍රියෙහි මත්වෙති.
7. නුමුත් දවාලට අයිතිවූ අපි ඇදහිල්ල සහ ප්‍රේමය නැමති ළයවැස්මත් ගැළවීමේ බලාපොරොත්තුව නැමති ආරක්ෂා තොප්පියත් පැළඳගෙන මත් නොවී සිටිමු.
8. මක්නිසාද දෙවියන්වහන්සේ උදහසට නොව අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන ගැළවීම ලබාගැනීමට අප නියමකළසේක.
9. අප අවදිව සිටිතත් නිදාගනිතත් තමන්වහන්සේ සමඟ එක්ව ජීවත්වන පිණිස ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා මළසේක.
10. එබැවින් ඔබ සැම කරන්නාක්මෙන් එකිනෙකාට අවවාදකොට, එකිනෙකා වර්ධනයකරගන්න.
11. තවද, සහෝදරයෙනි, ඔබ සැම අතරෙහි වෙහෙසගන්නාවූ, ස්වාමීන්වහන්සේ තුළ ඔබ සැම කෙරෙහි ප්‍රධානකම් කරන්නාවූ, ඔබ සැමට දැනමුතුකම් දෙන්නාවූ තැනැත්තන් දැනගෙන,
12. ඔවුන්ගේ වැඩේ නිසා ප්‍රේමයෙන් ඔවුන් ඉතා උතුම් කොට සලකන ලෙස අපි ඔබ සැමගෙන් ඉල්ලමුව. තම තමුන් අතරේ සමාදානයෙන් සිටින්න.
13. ඇරත්, සහෝදරයෙනි, අනියම්ලෙස හැසිරෙන්නන්ට දැනමුතුකම් දෙන මෙන්ද ක්ලාන්ත සිත් ඇත්තන් ධෛර්යකරන මෙන්ද දුර්වලයන්ට ආධාරවන මෙන්ද සියල්ලන් ගැන ඉවසිලිවන්තව සිටින මෙන්ද අපි ඔබ සැමට අවවාදකරමුව.
14. කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.
15. නිතරම ප්‍රීතිවෙන්න;
16. නොකඩව යාච්ඤාකරන්න;
17. සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඔබ සැම ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය.
18. ආත්මයාණන්වහන්සේ නොනිවන්න;
19. අනාගතවාක්‍යකීම් සුළුකොට නොසිතන්න;
20. සියල්ල සෝදිසිකර බලා, යහපත් දේ තදින් අල්ලාගන්න;
21. සියලු අන්දම්වල නපුරෙන් වැලකෙන්න.
22. සමාදානයේ දෙවියන්වහන්සේම ඔබ සැම සහමුලින්ම පවිත්‍රකරනසේක්වා; ඔබ සැමගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂාකරනු ලැබේවා.
23. ඔබ සැම කැඳවන තැනන්වහන්සේ විශ්වාසව සිටිනසේක, උන්වහන්සේ ඒක ඉෂ්ටද කරනසේක.
24. සහෝදරයෙනි, අප උදෙසා යාච්ඤාකරන්න.
25. සියලු සහෝදරයන්ට ශුද්ධවූ සිඹීමකින් ආචාරකරන්න.
26. මේ ලියුම සියලු සහෝදරයන්ට කියවාදෙන ලෙස ස්වාමීන්වහන්සේගේ නමින් ඔබ සැමට අණකරමි.
27. අපගේ ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කරුණාව ඔබ සැම සමඟ වේවා.