Instagram
English
A A A A A
Error:
BookNum: 1 Chapter: 46 VerseStart: 34 VerseShouldHave: 33
Error:
BookNum: 19 Chapter: 12 VerseStart: 8 VerseShouldHave: 7
අවුරුද්දකින් බයිබලය
ජනවාරි 23

උත්පත්ති 45:1-28
1. එකල්හි යෝසෙප් තමන් සමඟ සිටි සියල්ලන් ඉදිරියෙහි ඉවසාගන්ට නොහැකිව: සියලු මිනිසුන් මා වෙතින් පිටතට අරින්නැයි මොරගසා කීය. යෝසෙප් තමාගේ සහෝදරයන්ට තමාම අඳුන්වාදෙන අතර ඔහු සමඟ කිසිවෙක් නොසිටියේය.
2. ඔහු ශබ්ද නගා හැඬීය. එය මිසරවරුන්ට ඇසුණේය, ඵාරාවෝගේ ගෙයි වැසියන්ටත් ඇසුණේය.
3. යෝසෙප් තමාගේ සහෝදරයන්ට කථාකොට: මම යෝසෙප්ය; මාගේ පියා තවම ජීවත්ව සිටීදැයි ඇසුවේය. ඔහුගේ සහෝදරයෝ ඔහුට උත්තරදෙන්ට නොහැකිවූවෝය; මක්නිසාද ඔහු ඔවුන් ඉදිරියෙහි වූ බැවින් ඔව්හු කැලඹී සිටියෝය.
4. යෝසෙප්: අනේ මා ළඟට එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය. ඔව්හු ළංවුණෝය. එවිට ඔහු: මම ඔබ සැම මිසරයට වික්කාවූ ඔබ සැමගේ සහෝදරවූ යෝසෙප්ය.
5. ඔබ සැම මේ රටට මා වික්ක නිසා ශෝකනොවන්න, ඔබ සැමටම කෝපනොවන්න. මක්නිසාද දෙවියන්වහන්සේ ජීවිත ආරක්ෂාකරන පිණිස ඔබ සැමට පෙරටුව මා එවූසේක.
6. කුමක්හෙයින්ද මේ දෑවුරුද්දේ දේශයෙහි සාගතය පැවතුණේය. සීසෑමක්වත් කැපීමක්වත් නැත්තාවූ තවත් පස් අවුරුද්දක් වන්නේය.
7. දෙවියන්වහන්සේ ඔබ සැම පොළොවෙහි ඉතිරිකරන පිණිසද මහත්වූ ගැළවීමකින් ඔබ සැමගේ ජීවිත ආරක්ෂාකරන පිණිසද ඔබ සැමට පෙරටුව මා එවූසේක.
8. එබැවින් මා මෙහි එවුවේ ඔබ සැම නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.
9. ඔබ සැම ඉක්මන්කොට මාගේ පියා වෙතට ගොස්: ඔබගේ පුත්‍රවූ යෝසෙප් මෙසේ කියයි-දෙවියන්වහන්සේ මා මුළු මිසර දේශයට ස්වාමියා කළසේක. ප්‍රමාද නොව මා වෙතට අව මැනවි.
10. ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.
11. ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න.
12. මෙන්න, ඔබ සැමට කථාකරන්නේ මාගේ මුඛය බව ඔබ සැමගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි.
13. ඔබ සැම මිසරයෙහි මාගේ සියලු ඓශ්වර්ය ගැනද ඔබ සැම දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය.
14. තවද ඔහු තම සහෝදරවූ බෙන්යමින්ගේ බෙල්ල බදාගෙන හැඬීය; බෙන්යමින්ද ඔහුගේ බෙල්ල බදාගෙන හැඬීය.
15. ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.
16. යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය.
17. ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: ඔබ සැම මෙසේ කරන්නැයි ඔබේ සහෝදරයන්ට කියන්න-ඔබ සැමගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ,
18. ඔබ සැමගේ පියාණන් සහ ඔබ සැමගේ පවුල්ද රැගෙන මා වෙතට එන්න. මම මිසර දේශයේ ඉතා හොඳ දේ ඔබ සැමට දෙන්නෙමි, ඔබ සැම දේශයේ සාරය භුක්තිවිඳින්නහුය.
19. දැනුදු ඔබට අණ ලැබුණු බැවින් මෙසේ කරන්නැයි ඔවුන්ට කියන්න-ඔබ සැම ඔබ සැමගේ දරුවන්ටද භාර්යාවන්ටද මිසර දේශයෙන් ගැල් රැගෙන ගොස්, ඔබ සැමගේ පියා කැඳවාගෙන එන්න.
20. ඔබ සැමගේ බඩු ගැන කරදරනොවන්න; මක්නිසාද මුළු මිසර දේශයේ ඉතා හොඳ දේ ඔබ සැමගේ ය කියන්නැයි කීයේය.
21. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝය. ඵාරාවෝගේ අණ ලෙස යෝසෙප් ගැල්ද මගට කෑමද ඔවුන්ට දුන්නේය.
22. ඔහු ඔවුන් එකිනෙකාට ඇඳුම් කුට්ටමක් බැගින් දුන්නේය; නුමුත් බෙන්යමින්ට රිදී තුන්සියයක් සහ ඇඳුම් කුට්ටම් පහක් දුන්නේය.
23. ඔහු තමාගේ පියාට මෙයාකාරයෙන් යැවීය; එනම්, මිසරයේ හොඳ දේවල් පටවනලද කොටළුවන් දසදෙනෙකුත් තමාගේ පියාට මගට ධාන්‍යද රොටිද භෝජනද පටවනලද කොටළුදෙනුන් දසදෙනෙකුත් යැවුවේය.
24. මෙසේ ඔහු තමන් සහෝදරයන් හැරියේය, ඔව්හු පිටත්ව ගියෝය. තවද: මගදී ඩබරනොකරන්ට බලාගන්නැයි ඔහු ඔවුන්ට කීවේය.
25. ඔව්හු මිසරයෙන් නික්ම ගොස් කානාන් දේශයෙහි තමන්ගේ පියවූ යාකොබ් වෙතට පැමිණියෝය.
26. තවද ඔව්හු: යෝසෙප් තවම ජීවත්ව සිටියි, ඔහු මුළු මිසර දේශයට ආණ්ඩුකාරයායයි ඔහුට කීවෝය. ඔහුගේ සිත ක්ලාන්තවිය, මක්නිසාද ඔහු ඔවුන් කී දේ විශ්වාස කළේ නැත.
27. ඔව්හුද යෝසෙප් තමන්ට කී සියලු වචන ඔහුට කීවෝය. තමා ගෙනයන පිණිස යෝසෙප් එවූ ගැල් ඔවුන්ගේ පියවූ යාකොබ් දුටු කල ඔහුගේ සිත ප්‍රාණවත්විය.
28. ඉතින් ඇත; මාගේ පුත්‍රවූ යෝසෙප් තවම ජීවත්ව සිටියි. නහින්ට පළමුවෙන් ගොස් මම ඔහු දක්නෙමියි ඉශ්‍රායෙල් කීවේය.

උත්පත්ති 46:1-34
1. ඉශ්‍රායෙල් තමා සන්තක සියල්ල රැගෙන ගමන් ගෙන බෙයර්-ෂෙබාවට පැමිණ තමාගේ පියවූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට පූජා ඔප්පුකෙළේය.
2. දෙවියන්වහන්සේ රාත්‍රියේ දර්ශනවලින් ඉශ්‍රායෙල්ට කථාකොට: යාකොබ්, යාකොබ් යයි කීසේක. මම මෙහි යයි ඔහු කීවේය.
3. එවිට උන්වහන්සේ: මම දෙවියන්වහන්සේය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේය. මිසරයට යන්ට භයනොවව; කුමක්හෙයින්ද මම එහිදී ඔබ මහත් ජාතියක් කරන්නෙමි.
4. මම ඔබ සමඟ මිසරයට යන්නෙමි; සැබවින් මම ඔබ නැවත ගෙනෙන්නෙමි. යෝසෙප්ද ඔහුගේ අත ඔබේ ඇස් පිට තබන්නේයයි කීසේක.
5. පසුව යාකොබ් බෙයර්-ෂෙබාවෙන් පිටත්වුණේය. ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ ඔහු ගෙනයන පිණිස ඵාරාවෝ එවූ ගැල්වලින් තමන්ගේ පියවූ යාකොබ්ද තමන් දරුවන්ද භාර්යාවන්ද ගෙන ගියෝය.
6. ඔව්හු තමන්ගේ සිව්පාවුන්ද කානාන් දේශයෙහිදී ලබාගත් සම්පත්ද රැගෙන මිසරයට පැමිණියෝය, මෙසේ යාකොබ් සහ ඔහු සමඟ ඔහුගේ මුළු වංශයද ගියෝය.
7. ඔහු තමාගේ පුත්‍රයන්ද තමාගේ පුත්‍රයන්ගේ පුත්‍රයන්ද තමාගේ දූවරුන්ද තමාගේ පුත්‍රයන්ගේ දූවරුන්ද තමාගේ මුළු වංශයද තමා සමඟ මිසරයට ගෙනායේය.
8. මිසරයට පැමිණියාවූ ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ නම් මේය: යාකොබ් සහ ඔහුගේ පුත්‍රයෝය. යාකොබ්ගේ කුලුඳුලාවූ රූබෙන්ය.
9. රූබෙන්ගේ පුත්‍රයෝ, හනොක්, පල්ලු, හෙශ්රොන් සහ කර්මීය.
10. සිමියොන්ගේ පුත්‍රයෝ, යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාඛින්, ශොහාර් සහ කානානිය ස්ත්‍රියෙකුගේ පුත්‍රවූ ෂාවුල්ය.
11. ලෙවීගේ පුත්‍රයෝ, ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරීය.
12. යූදාගේ පුත්‍රයෝ, ඒර්, ඕනාන්, ෂෙලා, පෙරෙශ් සහ ශෙරාය. එහෙත් ඒර් සහ ඕනාන් කානාන් දේශයේදී නැසුණෝය. පෙරෙශ්ගේ පුත්‍රයෝ, හෙශ්රොන් සහ හාමුල්ය.
13. ඉස්සාඛර්ගේ පුත්‍රයෝ, තෝලා, පුවා, යෝබ් සහ ෂිම්රොන්ය.
14. සාබුලොන්ගේ පුත්‍රයෝ, සෙරෙද්, ඒලොන් සහ යාලෙයෙල්ය.
15. මොව්හු ලෙයාගේ පුත්‍රයෝය, ඈ ඔවුන් සහ යාකොබ්ගේ දුවවූ දීනාද පදන්-අරාමේදී ඔහු නිසා බිහිකළාය. ඔහුගේ සියලු පුත්‍රයොත් දූවරුන් තිස් තුන් දෙනෙක්ය.
16. ගාද්ගේ පුත්‍රයෝ, ශිඵියොන්, හග්ගි, ෂුනී, එශ්බොන්, ඒරි, අරෝදි සහ අරේලීය.
17. ආෂෙර්ගේ පුත්‍රයෝ, ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී, බෙරියා සහ ඔවුන්ගේ සහෝදරීවූ සෙරාය. බෙරියාගේ පුත්‍රයෝ, හෙබෙර් සහ මල්ඛීයෙල්ය.
18. ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.
19. යාකොබ්ගේ භාර්යාවවූ රාඛෙල්ගේ පුත්‍රයෝ, යෝසෙප් සහ බෙන්යමින්ය.
20. යෝසෙප්ට මිසර දේශයේදී මනස්සේ සහ එප්‍රායිම් උපන්නෝය, ඕන්හි පූජකයාවූ පෝති-ඵෙරාගේ දූවූ ආසෙනත් ඔවුන් ඔහු නිසා බිහිකළාය.
21. බෙන්යමින්ගේ පුත්‍රයෝ, බෙලා, බෙඛෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් සහ ආර්ද්ය.
22. මොව්හු යාකොබ්ට උපන් රාඛෙල්ගේ පුත්‍රයෝය. ඒ සියලු දෙනම දසසතර දෙනෙක්ය.
23. දාන්ගේ පුත්‍රයෝ නම් හුෂීම්ය.
24. නප්තලීගේ පුත්‍රයෝ, යාශෙයෙල්, ගුනී, යේශෙර් සහ ෂිල්ලෙම්ය.
25. ඔවුන් ලාබන් තමාගේ දියණියවූ රාඛෙල්ට දුන් බිල්හාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය. ඒ සියල්ලෝ සත් දෙනෙක්ය.
26. යාකොබ්ගේ පුත්‍රයන්ගේ භාර්යාවන් හැර යාකොබ්ගේ කටියෙන් නික්මුණාවූ, ඔහු සමඟ මිසරයට පැමිණියාවූ සියල්ලෝ සැට සදෙනෙක්ය.
27. යෝසෙප්ට මිසරයෙහිදී උපන් පුත්‍රයෝ දෙදෙනෙක්ය. මිසරයට පැමිණියාවූ යාකොබ්ගේ ගෙයි සියල්ලෝ සැත්තෑදෙනෙක්ය.
28. ගෝෂෙන්ට යන මාර්ගය පෙන්වන පිණිස ඔහු තමාට පෙරටුව යූදා යෝසෙප් වෙතට යැවීය; ඔව්හු ගෝෂෙන් දේශයට පැමිණියෝය.
29. යෝසෙප් තමාගේ රථය සූදානම්කොට තමාගේ පියවූ ඉශ්‍රායෙල් සම්මුඛවෙන පිණිස ගෝෂෙන්ට ගියේය; ඔහු ඉදිරියට පැමිණ, ඔහුගේ බෙල්ල වැලඳගෙන, ඔහුගේ බෙල්ලට හාන්සිවී, බොහෝ වේලා හැඬුවේය.
30. එවිට ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: මා ඔබගේ මුහුණ දැක ඔබ තවම ජීවත්ව සිටින බව දැනගත් බැවින් ඉතින් මට මරණය පැමුණුණාවේයයි යෝසෙප්ට කීවේය.
31. යෝසෙප් තමාගේ සහෝදරයන්ටද තම පියාගේ ගෙයි වැසියන්ටද කථාකොට: මම ඵාරාවෝ වෙතට ගොස්: කානාන් දේශයෙහි සිටියාවූ මාගේ සහෝදරයෝත් මාගේ පියාගේ ගෙයි වැසියෝත් මා වෙතට ඇවිත් සිටිති;
32. ඒ මනුෂ්‍යයෝ එඬේරුය, මක්නිසාද ඔව්හු සිව්පාවුන් ඇතිකරන මනුෂ්‍යයෝය; ඔව්හු තමන්ගේ එළු බැටළු රැළවල්ද තමන්ගේ ගව රැළවල්ද තමන්ට ඇති සියල්ලද ගෙනාවෝයයි ඔහුට කියන්නෙමි.
33. තවද ඵාරාවෝ ඔබ සැමට අඬගසා-ඔබ සැමගේ රක්ෂාව මොකදැයි අසන කල, ඔබ සැමට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස-ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.
34. නායක වාද්‍යකරුටයි; ෂෙමීනීත් නම් මහා වීණාවෙන් ගායනාකිරීමටයි. දාවිත්ගේ ගීතයකි. ස්වාමිනි, පිහිටවුව මැනව; මක්නිසාද භක්තිවන්තයෝ පිරිහෙති; විශ්වාස අය මනුෂ්‍යපුත්‍රයන් අතරෙන් නැතිවෙති.

ගීතාවලිය 12:1-8
1. ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.
2. අපේ දිවෙන් ජයගන්නෙමුව; අපේ තොල් අපේමය; අපට ස්වාමියා කවුදැයි කියන්නාවූ
3. චාටු සහිත මුඛ සහ මහත් කාරණා කියන දිවද ස්වාමීන්වහන්සේ කපාහරිනසේක.
4. දිළිඳුන්ගෙන් කොල්ලකෑම නිසාද දුප්පතුන්ගේ සුසුම්ලීම නිසාද මම දැන් නැගිට, අපහාසකරනු ලැබූ අය සුරක්ෂිත ලෙස පිහිටුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
5. පොළොවේ උදුනක සත් වරක් පවිත්‍රකළ රිදී මෙන් ස්වාමීන් ගේ වචන පිරිසිදුය.
6. ස්වාමිනි, ඔබ ඔවුන් ආරක්ෂාකරනසේක, මේ පරම්පරාවෙන් සෑමකල්ම ඔබ ඔවුන් රැකගන්නසේක. දුශ්චරිතය මනුෂ්‍යපුත්‍රයන් අතරෙහි උසස්වෙන කල දුෂ්ටයෝ සියලු දෙසම ඇවිදිති.
7. දුෂ්ටයන්ගේ මාවතට ඇතුල් නොවන්න. නපුරු මිනිසුන්ගේ මාර්ගයෙහි ගමන්නොකරන්න.
8. එයින් වැලකී, එහි නොගොස්, එයින් අහකට හැරී යන්න.

හිතෝපදේශ 4:14-17
14. මක්නිසාද ඔව්හු නපුරක් නොකර නිදා නොගනිති; යමෙකු හෙළා නොදැමුවොත් ඔවුන්ගේ නින්ද පහවෙයි.
15. මක්නිසාද ඔව්හු දුෂ්ටකම නමැති කෑම කා, බලාත්කාරකම නමැති මුද්‍රිකපානය බොති.
16. එකල පරිසිවරුද ලියන්නෝද යෙරුසලමෙන් යේසුස්වහන්සේ ළඟට ඇවිත්:
17. ඔබගේ ගෝලයෝ වැඩිමහල්ලන්ගේ පරම්පරාගත නියෝග කඩකරන්නේ මක්නිසාද? ඔව්හු කෑම කන විට අත් නොසෝදා කතියි කීවෝය.

ශුද්ධවර මතෙව් 15:1-20
1. උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ඔබ සැමත් ඔබ සැමගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ ආඥාව කඩකරන්නේ මක්නිසාද?
2. ඔබේ පියාටත් මවුටත් ගෞරවකරව; පියා ගැන හෝ මවු ගැන හෝ අගුණ කියන්නා මැරුම්කෑ යුතුමයයි දෙවියන්වහන්සේ කීසේක.
3. එහෙත්: කවරෙක් නුමුත් පියාට හෝ මවුට හෝ කථාකොට-මාගෙන් ඔබ සැමට ප්‍රයෝජන වෙන්ට පුළුවන්ව තිබුණු දේ දෙවියන්වහන්සේට දෙනලදැයි ඔවුන්ට කියන්නේ නම්, ඔහු විසින් පියාට ගෞරව නොකර සිටිය යුතුයයි ඔබ සැම කියන්නෝය.
4. මෙසේ ඔබ සැම ඔබ සැමගේ පරම්පරාගත නියෝග නිසා දෙවියන්වහන්සේගේ වචනය අවලංගුකළහුය.
5. වංචාකාරයෙනි, යෙසායා ඔබ සැම ගැන කථාකොට:
6. මේ සෙනඟ තොල්වලින් මට ගෞරවකරති; නුමුත් ඔවුන්ගේ සිත මා කෙරෙන් දුරුව තිබේ.
7. මනුෂ්‍යයන්ගේ ශික්ෂාවන් ගුරුකම්කොට උගන්වමින්, ඔවුන් මට නමස්කාරකරන්නේ නිරර්ථකයේයයි අනාගත වචන මනාකොට කීයේයයි කීසේක.
8. එවිට උන්වහන්සේ සමූහයා කැඳවා ඔවුන්ට කථාකොට: ඔබ සැම අසා තේරුම්ගන්න.
9. කටට ඇතුල්වෙන දෙයින් මනුෂ්‍යයා අපවිත්‍රවෙනවා නොව, මනුෂ්‍යයා අපවිත්‍ර වෙන්නේ කටින් පිටවෙන දෙයින්යයි කීසේක.
10. එවිට ගෝලයෝ ඇවිත්: පරිසිවරුන් ඒ වචනය අසා බාධාවූ බව දන්නාසේක්දැයි උන්වහන්සේගෙන් ඇසුවෝය.
11. උන්වහන්සේ උත්තරදෙමින්: මාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ විසින් නොඉන්දූ සියලුම පැළෑටි උදුරනු ලබන්නේය.
12. ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.
13. එවිට පේතෘස් උත්තරදෙමින්: මේ උපමාව අපට තෝරාදුන මැනවයි උන්වහන්සේට කීවේය.
14. උන්වහන්සේ කියනසේක්: ඔබ සැමත් තවම තේරුම් නැතුව සිටින්නහුද?
15. කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව ඔබ සැමට තේරෙන්නේ නැද්ද?
16. නුමුත් කටින් පිටවෙන දේ නික්මෙන්නේ සිතින්ය; මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ එයින්ය.
17. මක්නිසාද නපුරු සිතිවිලි, මිනීමැරුම්, කාමමිථ්‍යාචාරකම්, වේශ්‍යාකම්, සොරකම්, බොරු සාක්ෂිකීම් සහ අපහාසකිරීම් සිතින් නික්මෙන්නේය.
18. මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ මේ දේවලින්ය. නුමුත් නොසේදූ අත්වලින් කෑවාට මනුෂ්‍යයා අපවිත්‍රවෙන්නේ නැතැයි කීසේක.